අලි මිනිස් ගැටුමෙන් සිදුවන වගා හානියට විසඳුමක් ලෙස විලච්චිය තුලාන දාහතටම චක්‍රීය අරමුදල් වැනි ක්‍රමයක් පිහිටුවා ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට යෝජනා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඊට දානපතියන් දාහක් දෙනෙකු සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සුබ ප්‍රතිචාරයක් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
විලච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකින් අනතුරුව ජනතාව සමග සාකච්ඡා කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.