හිටපු මැති ඇමතිවරු රැසක් අපරාධ කල්ලි නායකයන්ගෙන් මුදල් ලබාගෙන – ජනපති අනුර කුමාර

හිටපු මැති ඇමතිවරු රැසක් අපරාධ කල්ලි නායකයන්ගෙන් මුදල් ලබාගෙන – ජනපති අනුර කුමාර

 

හිටපු මැති ඇමතිවරුන් රැසක් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඇතැම් මන්ත්‍රීවරුන් මාස් පතා බදු මුදල් ගන්නවා මෙන් අපරාධ කරුවන්ගේ නිවාස වලට ගොස් මුදල් ලබාගෙන ඇති බවත් ඇතැම් ඇමැතිවරු අපරාධකරුවන් මාස්පතා තම නිවාසට ගෙන්වා ගෙන ඇති බවත් හෙළි වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ යලි ආරම්භ කිරීමේ උත්සවයට අද ( 17) එක්වෙමින් මේ බව අනාවරණය කළ අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් මෙසේද පැවසීය.

“දැනට අත්අඩංගුවට ගෙන සිටින අපරාධකරුවන් පිරිස මේ රටේ මත්ද්‍රව්‍ය ජාලයෙන් 50% වඩා මෙහෙයවා තිබෙනවා. සන්නද්ධ අපරාධකල්ලි 75%වඩා වැඩි ප්‍රමාණයක් ඊට සබඳතා තිබෙනවා.

මොවුන් මෙරට දේශපාලන අධිකාරියට විවිධ ආකාරයට මුදල් පොම්ප කර තිබෙනවා සමහර මන්ත්‍රීවරු මාසයේ බදු මුදල ගන්නවා වගේ ගෙවල් වලට ගිහින් සල්ලි අරගෙන තිබෙනවා. සමහර ඇමතිවරු මාස් පතා ගෙදරට ගෙන්වාගෙන තිබෙනවා. ඒ සියල්ල හෙළිදරව්වේ තිබෙන බව කිවව යුතුයි.

මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අපේ රටේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කර තිබෙනවා
අපි එය මැඩ පවත්වනවා. ඒසඳහා අවශ්‍ය වන විශ්වාසයත්. අභියෝගයත් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන වලමිලධාරීන් අද පාර ගෙන තිබෙනවා ඒ වෙනුවෙන් ඔවුන්ට මාගේ ස්තුතිය පිරිනමනවා.” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Search