ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාදයි!! ප්‍රධාන රෝහල් පහක පිළිකා ප්‍රතිකාර ඇනහිටී

ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාදයි!!  ප්‍රධාන රෝහල් පහක පිළිකා ප්‍රතිකාර ඇනහිටී

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීමේ දෙවන අදියර ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රධාන රෝහල් පහක පිළිකා ප්‍රතිකාර ඇනහිට ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


පසුගිය ජනවාරි මාසයේ මෙම මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතත් එම යන්ත්‍ර වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී නැතැයි එම සංගමය කියයි. මෙම යන්ත්‍ර මිලදී ගැනීමට රජය ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න මුදලක් වෙන්කර තිබේ.

දෙවැනි අදියර යටතේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට සහ රත්නපුර රෝහල් සඳහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

කැබිනට් අනුමැතිය ලැබී මාස 08ක් ගතවුවත් මෙම විකිරණ යන්ත්‍ර ලබාගැනීමට අදාළ ආයතන අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීමත් බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවත් නිසා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් රජය වෙන්කළ මුදලින් සුවය ලැබීමට රෝගීන්ට නොහැකි වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Search