ජනාධිපතිවරණය පවත්වා වසරකටත් ආසන්නයි. එක පෑන් පාරින් විසඳනවා කියූ ප්‍රශ්න තාමත් එකතැන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරණය පවත්වා වසරකටත් ආසන්නයි. එක පෑන් පාරින් විසඳනවා කියූ ප්‍රශ්න තාමත් එකතැන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාව මුහුණ දෙන ගැටලුවලට එක පෑන් පාරින් විසදුම් දෙනවා කියා බලයට පැමිණි වත්මන් රජයට මේ වන විට කිසිදු ගැටලුවක් විසදා ගත නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරණය පවත්වා වසරකට ආසන්න වුවත් තවමත් කිසිදු ප්‍රශ්නයක් විසඳා නොමැති බවත් ජනතා ගැටලු විසඳන්න නොහැකි වූවාට රජයේ ලොකුම දක්ෂතාව වන්නේ ජනතාව මුහුණ දෙන ගැටලු විපක්ෂය ඉදිරිපත් කරන විට එයට බාධා කිරීම බවත් ජනතා ගැටලු විසඳන්න තියා ඒවා ඉදිරිපත් කරනවටත් රජය කැමති නැති බවත් ඔවුන් මේ ගැටලු ඉදිරිපත් කරන විට මයික්‍රෆෝන් විසන්ධි කිරිම, ස්ථාවර නියෝගවලට පටහැනි යැයි පැවසීය ආදිය සිදු කරන බවත් රජය මේවා කළාට විපක්ෂය ජනතා ගැටලු කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර උත්තර සපයන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විලච්චියේ පැවැති ජන හමුවක් අමතමිනි.*

විලච්චියේ ජනතාව වසර 30ක් කොටි ත්‍රස්තවාදීන් සිටියදී පවා වගා කටයුතු කර, නිවාස සාදා මායිම් ගම්මාන බවට  පත්ව රටටම ආරක්ෂාව ලබා දුන් බවත් 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වුවත් අද වන විට මේ ප්‍රදේශයේ ජනතාව පැය 24ම දවස් 365ම ජීවත් වීමේ යුද්ධයේ නිරත වන බවත් මේ වන විට බීජවල මිල, පොහොර මිල, වල්නාශක මිල වැඩි මෙන්ම ගුණාත්මකභාවය ද අඩු බවත් වන අලි මිනිස් ගැටුම වන සතුන් මිනිස් ගැටුම නිසා හානියට පත්ව විපතට පත්ව වගා කටයුතු කර ගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි ගැටලු මැද පවා ලැබෙන අස්වැන්නට නිශ්චිත මිලක් නොමැති බවත් අස්වැන්න විකුණාගත නොහැකිව ගෙවල්වල ගොඩගසා ඇති බවත් වගා හානියට පවා වන්දි නොමැති බවත් වගා රක්ෂණ ක්‍රමවේද පවා හරිහැටි ක්‍රියාත්මක නොවන බවත් නිවාස හානි ජීවිත හානිවලට පවා වන්දි නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*2009 ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුණාට ජීවත් වීමේ යුද්ධය තවම අවසන් නැහැ*

රටේ යුද්ධය අවසන් වූවාට ගොවි ජනතාවගේ යුද්ධය අවසන් නැති බවත් මේ යුද්ධයට විසඳුම් දෙනවා කියා බලයට පැමිණි වත්මන් රජයට ඒවාට විසඳගන්න බැරිව උත්තර නැති බවත් පාලන බලය තහවුරු කර ගන්න රජය බොරු කියා රවටා අන්දවා මංමුලා කරන බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මේ ගොවි ජනතාව වෙනුවෙන් නැගිය හැකි ලොකුම හඬ නගා ඔවුන් වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම සිදු කර මේ ගැටලුවලට උත්තර හා විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අද ජනතාවගේ ඉඩම් පවා මංකොල්ලකන තැනට රජය පත් වෙලා*

වසර 60ක් 70ක් ජීවත් වූ ඉඩම් අද දේශපාලන හේතූන් මත මංකොල්ලකන බවත් ගොවියාගේ ඉඩම් සූරාගෙන ගොවි ජනතාවගේ ජීවිත අනාරක්ෂිත කර ඇති බවත් ගොවි ජනතාව මෙන්ම වනඅලි සම්පත ද මේ නිසා විනාශ වන බවත් විෂයභාර ඇමතිවරයා මේ බලප්‍රදේශයට පැමිණ මේ ගම්මානවල ජීවත් වෙන ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දී නැති  බවත් ඇමතිවරු මේ ජනතාව අසලට නොගියාට විපක්ෂ නායකවරයා මේ ජනතාව අසලට ගොස් ප්‍රශ්න ගැටලු සොයා බැලූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රජයට ජන දුක නොතේරුණාට අපිට තේරෙනවා*

ජනතා අසරණ වී ඇති බවත් අද වන විට සජිත් ප්‍රේමදාසගේ රැස්වීමට යන්න එපා යැයි පීඩනයට ලක් කරන බවත් රජය මේ ජනතාවගේ දුක කදුල වේදනාව නොතේරුණාට තමාට මේ ජනතාවගේ ුදුක කදුල වේදනාව තේරෙන බවත් මේවා කරන විට බඩු බෙදනවා, සහන බෙදනවා, බෙදන දේශපාලනයේ නිරත වෙනවා කියා සමච්චල් කළත් එසේ කියන අයට දේශපාලනය කියන ක්‍රියාවේ අරුත නොතේරෙන බවත් දේශපාලනය යනු රටට සේවය කිරීම නිසා කුමන විවේචනයක් ආවත් මේවා නතර නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

https://youtu.be/syqXkKwzJy4?si=FW6_6wLzohHqe3c9

Search