සජිත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් බවට කරන චෝදනා පදනම් විරහිතයි... සමගි ජන බලවේගයෙන් පැහැදිලි කිරීමක්

 සජිත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් බවට කරන චෝදනා පදනම් විරහිතයි... සමගි ජන බලවේගයෙන් පැහැදිලි කිරීමක්

සජිත් ප්‍රේමදාස මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් බවට පවසමින්, ජාමුණි කමල් තුෂාර නැමැත්තෙකු අද (25) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදී තිබේ.


ඔහු සිදුකර ඇති මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලැබුණු බවට වූ 2025.04.23 දිනැති ලිපිය පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ අත්සනින් යුතුව සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබී තිබූ බව, අප මීට පෙර මාධ්‍යයට හෙළිදරව් කරන ලදී.

සජිත් ප්‍රේමදාස මහතා නියමිත දිනයටත් පෙර ලබාදුන් වත්කම් බැරකම් ලේඛණය ඩිජිටල් ආකෘතිය අනුව යළි පුරවා ඊයේ (24) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කරන ලදුව මේ වනවිටත්, එය එම කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබේ.

එවැනි තත්ත්වයක් තිබියදී යළිත් මේ ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බව පවසමින්, පිරිසක් මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරතවන බව පෙනී යන අතර, කරුණාකර මේ පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා ඔබගේ මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.


ස්තුතීයී,
විපක්ෂ නායක මාධ්‍ය ඒකකය

 

Screenshot 20250925 175120 Samsung Notes

Search