ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා අඬනවා--මරික්කාර්

 ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා අඬනවා--මරික්කාර්

මේ ආණ්ඩුවේ දෙබිඩි දෙමහුන් බොරු කියන පච කියන ප්‍රතිපත්තිය එළියට ඇවිත් තියෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි.


"මේ රටේ මුස්ලිම් ජනතාවගේ ඡන්දය සියයට හැත්තෑවක් විතර ගන්න ඒ ගොල්ලොන්වත් ඇන්දුවා .  විපක්ෂයේ ඉන්දැද්දි පලස්තීන සහයෝගිතා පදනම හදාගෙන ඒකෙ සභාපති අරගෙන... අද පලස්තීන ගාසා තීරයේ විශාල මිනිස් ඝාතන සිද්ධ වෙනවා. ඒ ගැන කතා නැහැ. මම ඡායාරූපයක් පෙන්නන්නම් ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපතිවරයා  නිමල් බණ්ඩාර  මහත්මයා. ඊශ්‍රායල් ශ්‍රී ලංකා මිත්‍රත්වය පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවනවා. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා අඬනවා. යටින් යන්නේ මේවා.  ආරුගම්භය ඊශ්‍රායල් තෝතැන්නක් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට යන්න බැරි රෙස්ටුරන්ට්  දාන්න ඉඩ දීලා තියෙනවා. අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි මේ ඇන්දෙලි කෝටිය නිසා තමයි අර දිලීත ජයවර මහත්තයා කිව්වා වගේ අවුරුද්දෙ සංදර්ශනයක් දාන්න බැරි වුණේ.අද අපි පැහැදිලිව කියන්න ඕනේ කැනඩාව එක්සත් රාජධානිය පෘතුගාලය ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඇමරිකානු බලපෑමට යටත් නොවී පලස්තීන රාජ්‍යයක් විදිහට පිළිගන්න කොට අද මේ ආණ්ඩුවේ දෙබිඩි දෙමහුන් බොරු කියන පච කියන ප්‍රතිපත්තිය එළියට ඇවිත් තියෙනවා.

Search