තිස්සමහාරාම මුතියම්මාගම අද වෙඩි තැබීමක් වාර්තා විය.
පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමට ලක්ව ඇත්තේ මුතියම්මාගම, අංක 1223 ලිපිනයේ පදිංචිව සිටි හේවා කොඩිතුවක්කුගේ ප්‍රියන්ත නමැති අය බවයි.
ඔහු ඝාතනය වී ඇත්තේ මුතියම්මාගම පාසල අසල පිහිටි තමන්ගේම ගරාජය තුළ රැඳී සිටියදීය.
වෙඩි තැබීම සඳහා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
මෙම අපරාධයට හේතුවී ඇත්තේ පුද්ගලික ආරවුලකි.
මියගිය පුද්ගලයාගේ පුතාගේ බිරිඳ සහ සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවක් මුල්කර ගනිමින් මරණකරු සහ සැකකරු අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර, ඉන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන නොමැත.
තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි