“මෙය ලංකාවේ බිහි වූ පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රතිපත්ති හදන මෝඩම ආණ්ඩුව” යැයි කළුතර එකමුතු ගුරු සංගමය චෝදනා කරයි.
රජය විසින් ගෙන ආ නව ළමා ආරක්ෂණ පනත විවේචනය කරමින් කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණි .
එහිදි චෝදනා කෙරුණේ මෙම පනත ලංකාවේ පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රධානතම පනත වනු ඇති බවයි.
ගුරු සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නව පනත අනුව ගුරුවරයෙකු යම් සිසුවෙකුට අවවාදයක් කළහොත් පවා මාස හයක් සිරබත් කෑමට සිදුවනු ඇති බවයි.
මෙම නීතියෙන් සිසු විනය හැදීම නතර වූ විට පාසලට පැමිණ විනය කටයුතු භාර ගන්නා ලෙස පනතට අත ඉස්සූ පාර්ලිමේන්තුවේ සිටින බොරුකාර හොරු රැලට අවධාරණය කරන බවද සඳහන් කෙරිණි.
එසේම නීතියෙන් තහනම් කළ විට සිසු විනය හැදීමට ගුරුවරුන් ඉදිරිපත් නොවන බව පවසන කළුතර එකමුතු ගුරු සංගමය, දැන් පාසලට විදුහල්පති හෝ විනයභාර ගුරුවරුන් අවශ්‍ය නොවන බවද කියා සිටියේය.
“පාසල මන්ත්‍රීවරුන්ට භාර දී විනය ගැටලු ඔවුන් හරහා විසඳිය යුතුයි” යැයි එහි නියෝජිතයෝ පැවසූ අතර මෙම ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවට අනාගතයේදී පාසලේ උදේ රැස්වීමට පාට ඇඳුමින් මාල දමා ගෙන පැමිණෙන සිය දරුවන් ගැන සතුටු වීමට හැකි වනු ඇති බවද සඳහන් කෙරිණි