ජනපති රනිල්ගේ වසර දෙක හමාරක පාලන කාලය තුළ පනත් 90 ක් පාර්ලිමේන්තුවට !-- වජිර

ජනපති රනිල්ගේ වසර දෙක හමාරක පාලන කාලය තුළ පනත් 90 ක් පාර්ලිමේන්තුවට !-- වජිර

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර දෙක හමාරක පාලන කාලය තුළ රටේ දූෂණය නැතිකර ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පනත් 90 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.


වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රට අර්බුද ගණනාවකට තල්ලුවෙමින් තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ විපක්ෂයේ සියලු බලවේග එකට එක් කර ගෙන ඉදිරියට යෑමේ පියවර මේ වන විට ආරම්භ කර තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.

ගාල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අද (28)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

වර්තමාන දේශපාලන යාන්ත්‍රණය ඉතාමත් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අපි ලෝකයේ පැරණිම ශිෂ්ඨාචාරයක් තිබෙන ජාතියක්. අපි ලෝකයේ පැරණිම ඉතිහාසයක් තිබෙන ජාතියක්. ඒ වගේම ලෝකයේ උතුම්ම දහම වන බුදුදහම අපේ රට තුළ ජන ගත වී තිබෙනවා. මේ බෞද්ධ දර්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව බොහොම පරිස්සමින් ඉදිරියට ගෙනා යා යුතුව තිබෙනවා.

ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රධාන තැනක් දී තිබෙන්නේ. ඉරිදා බෞද්ධ දහම් පාසල් ඒ වගේම වෙනත් ආගම් අදහන අය වෙනුවෙන් පැවැත්වෙන දහම් පාසැල් හරහා අනාගත පරපුරට මේ ගැන අවබෝධයක් ලබාදෙමින් මේ රට සුරක්ෂිත කරලයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ. අපි ලෝකයට නීතී රීති හඳුන්වලා දුන්න බෞද්ධ දර්ශනය හරහා ඉදිරියට යන රටක්. මේ බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා හානිවන යම් ක්‍රියාමාර්ග තිබේනම් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික මහජනතාව පරාජය කළ යුතුයි.

ඒ වගේම මම දැක්කා අද මාධ්‍ය හරහා වත්කම් බැරකම් පිළිබද සොයා බලනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙනවා. එහි මගේ නමත සඳහන් වුණා. මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා.

මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධි පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි.

අපේ රට දූෂණයෙන් පිරි රටක් බවට අපේ ඇතැම් දේශපාලන පක්ෂ ලෝකයට ඉදිරිපත් කරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොකද කළේ, 2023, අංක 9 දරණ දූෂණ විරෝධී පනත 2023 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කළා.

විශේෂයෙන් මේ රටේ මහජනතාව මතක තබා ගත යුතුයි මේ කියන දූෂණ රට තුළ පාලනය කිරීම සඳහා නීති රීති මේ රටේ සම්පාදනය කළේ අවුරුදු දෙක හමාරක් මේ රටේ ජනාධිපතිධුරය දරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා මේක ගෙනාවේ අපේ රට තුළ දූෂණය තිබෙනවා කියන නිසා එය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන ආසියාවේ තිබෙන බලසම්පන්නම නීතීරීති පද්ධතියක් හඳුන්වා දෙන්න.

මේ හරහා ඇතිවන ගැටලු තිබෙනවා. මේ හරහා ඇතිවන හොඳ තිබෙනවා. මේ හරහා ඇතැම් විට රාජ්‍ය යාන්ත්‍රණය මුහුණදෙන ගැටලු පවා තිබෙනවා.මේ දූෂණ වීරෝධි පනත පමණක් නෙමෙයි, පනත් 90ක් පමණ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු දෙක හමාරක් තුළ සම්මත කර තිබෙනවා. ඒ පනත් සියලලෙන්ම රටේ මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ක්‍රියා කළේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ කියලා මතක් කරන්න කැමතියි.

ඒ වගේම ලෝකයේ මානවයා කරන ප්‍රධනම දෙයක් තමයි වැරදි. කොයි කෙනත් ඉපදුණු දා සිට වැරදි කරනවා. එය තමයි ලෝක ස්වභාවය. ඒවා නවත්වන්න බැහැ. කරන්න පුලුවන් එවා පාලනය කිරීම පමණයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය මුල් කරගෙන බෞද්ධ දර්ශනය ඔස්සේ ඒවා අපේ රට තුළ පාලනය කළා. වෙනත් ආගම්වල උනත් තත්ත්වය එසේමයි.

ලෝකයේ දියුණුවත් සමග නීති රීති හඳුන්වාදෙමින් ඒ හරහා මහජනයා පාලනය කිරීම සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ මේ රට එක්සේසත් කරන්න. ඒ එක්සේසත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමේදී සියලුදෙනා එකතු කරගනිමින් අපි පක්ෂ සංවත්සරය සැමරුමේ ඒ නිසයි. දේශපාලන පක්ෂ සහ සංවිධාන 50 කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහ සම්බන්ධ වණා. ඒ සම්බන්ධතාවය අපි දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. එ සම්බන්ධතාවය ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාවගේ යහපත සඳහා කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න අපි මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා

Search