මාවනැල්ලේ පස් කන්දකට යටවී 3ක් පණ පිටින් වැළලෙති

මාවනැල්ලේ පස් කන්දකට යටවී 3ක් පණ පිටින් වැළලෙති

මාව­නැල්ලේ පිහිටා ඇති අලු­ත්නු­වර දැඩි­මුණ්ඩ දේවා­ල­යට යන ප්‍රධාන මාර්ගයේ මාණි­ක්කාව ප්‍රදේ­ශයේ නි‍ෙව­සක් ආස­න්නයේ බැම්මක් බඳි­මින් සිටි කම්ක­රු­වන් පිරි­සක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා අද (29) පෙර­ව­රුවේ තිදෙ­නෙක් එයට යට වී මිය­ගොස් ඇති බව මාව­නැල්ල පොලී­සිය පව­සයි. බැම්ම බැඳී­මට කම්ක­රු­වන් සිවු දෙනෙකු සිට ඇති අතර එක් කම්ක­රු­වෙක් වතුර පිපා­ස­යක් හේතු­වෙන් එළි­යට ගොස් පැමි­ණෙ­මින් සිටි­යදී මෙම අවා­ස­නා­වන්ත ඛේද­වා­ච­කය සිදු වී තිබුණි.


පසුව ප්‍රදේ­ශ­වා­සීන්, පොලී­සිය, යුද හමු­දාව එක්ව බැකෝ යන්ත්‍ර­යක්ද උප­යෝගි කර ගනි­මින් පස් ඉවත් කර කම්ක­රු­වන් සොයා ගන්නා විට ඔවුන් මිය ගොස් සිට ඇත.
මෙම බැම්ම ඉදි­ක­ර­මින් සිටි ස්ථාන­යට ඉහ­ළින් අලු­ත්නු­වර දේවා­ල­යට සහ අලු­ත්නු­වර නග­ර­යට යන ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මෙම සිදු­වී­මෙන් පසුව එම මාර්ග­යද තාව­කා­ලි­කව වසා මෙම පිරිස සොයා ගැනී­මට මෙහෙ­යුම් කඩි­න­මින් ආරම්භ කර තිබුණි.

කෙසේ වෙතත් මෙම බැම්ම ඉදි­ක­ර­න්නට කොන්ත්‍රාත් පද­නම මත මෙම කට­යුත්ත භාරදී තිබුණු අය එම නි‍ෙවසේ අයි­ති­කරු වන අතර ඔහු කෑගල්ල පොලී­සියේ සේවය කරන නිල­ධා­රි­යෙකි.

ඔහු මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මෙසේ පැවැ­සීය.

“මෙතන පස් කඩා වැටෙන නිසා බැම්මක් ගහන්න ඕනෑ කියලා මම කල්පනා කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේ ආස­න්නයේ ස්ථාන­යක වැඩක් කර­මින් හිටියා බාස්ලා කිහිප දෙනෙක්. ඒ අයට මම කතා කරලා කීවා මගේ වැඩක් තියෙ­නවා කරලා දෙන්න පුළු­වන්ද කියලා. ඊට පස්සේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. මම වැඩට ගියපු වේලා­වක ඇවිත් බලලා ලක්ෂ දෙකයි පන­ස්දා­හ­කට කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා තිබුණා. මම කීවා දෙකයි හත­ළි­හට කර­මුද කියලා. ඊට පස්සේ හා කියලා කොන්ත්‍රාත් පද­නම මත වැඩේ භාර ගත්තා.

ඊට පස්සේ කානු කප­මින් සිටි­යදී සද්ද­යක් ඇහුණා. බලද්දි සම්පූ­ර්ණ­යෙන් කානුව වැහිලා. ඊට පස්සේ ළඟ අහල පහල අයට, යාළු­වන්ට කතා කරලා බැකෝ ගෙනත් මේ අය ගොඩ ගත්තා. නමුත් අවා­ස­නා­වන්ත ලෙස ඔවුන් මෙලොව හැර ගිහින් තිබුණා යැයිද ඔහු පැවැ­සීය.

මිය­ගිය අයගේ දේහ­යන් මේ වන විට මාව­නැල්ල රජයේ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් මාව­නැල්ල පොලී­සිය වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

මෙලෙස මිය­ගිය අය අර­ණා­යක ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් වන අතර ඔවුන් වන්නේ වයස අවු­රුදු 63ක් වන පට්ට­ගම ගල්අ­තර ලිපි­නයේ පදිංචි පී.ජී. ජින­සෝම සහ වයස අවු­රුදු 40ක් වන ලලිත් ප්‍රියන්ත කුමාර සහ වයස අවු­රුදු 47ක් වන පී. සංජීව නන්ද­සිරි යන අයයි.

මේ සියලු දෙනාම එකම ගම්මා­නයේ අය වන අතර සියලු දෙනාම විවා­හ­ක­යන් බව පොලී­සිය පව­සයි.

කෙසේ වෙතත් වතුර පිපා­ස­යක් නිසා එළි­ම­හ­නට ගොස් සිටි මාව­නැල්ල කහ­කො­ටුව පදිංචි

යු.ඩබ්. ජය­ම්පති ජය­රත්න යන අය අද­හස් දක්ව­මින් මෙසේ පැවැ­සීය.

“අපි දවස් හත­රක් තිස්සේ වැඩ කර­මින් සිටියා. මමයි සංජි­වයි අපි ටික ඊට පස්සේ කානු කප­මින් සිටි­යදී ඉවුර ඇවිත් තුන්දෙනා යට වුණා. මම කානුව අස්සේ ඉඳලා වතුර බොන්න උඩට ආවාට පස්සේ තමයි මේ සිදු වීමට මුහුණ දුන්නේ” යැයිද පැවැ­සීය

Search