ඉකුත් මහ මැතිවරණයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය