තමන් ගමින් ගමට පැමිණියේ “ජනතාවගේ හාල් ගෝණිය, කෙසෙල් කැන හෝ කරවල පන්සිය කැබ් එකේ දාගෙන යෑමට” නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කළුතර, පනාපිටිය කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය යනු රටේ සියලු දෙනා ව්‍යාපාරිකයන් හෝ ව්‍යවසායකයන් කිරීම නොව, සියලු දෙනා නිර්මාණශීලී සහ ධනාත්මක ලෙස සිතන රටක් නිර්මාණය කිරීම බව සඳහන් කළේය.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වෙත දැඩි චෝදනා එල්ල කළ ඒ මහතා, වසර 76න් 50 වසරක් තිස්සේ එම පක්ෂය ඍණාත්මක වෛරී චින්තනයක් මේ රටට බෝ කිරීම මගින් විශාල විනාශයක් සිදුකර ඇති බව පෙන්වා දුන්නේය