ඉකුත් අගෝස්තු මස සංචාරක ව්‍යාපාරයෙන් මෙ රටට ලැබුණු විදේශ විනිමය ආදායම සියයට 8.2 කින් පහත වැටී ඇත.
ගිය වසරේ (2024) අගෝස්තු මස ඇමරිකානු ඩොලර් මිලියන 282.1 ක් වූ සංචාරක ආදායම මේ වසරේ (2025) අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 258.9 ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අතර ගිය වසරේ (2024) පළමු මාස අටට සාපේක්ෂව මේ වසරේ (2025) පළමු මාස අටේදී සංචාරක ව්‍යාපාරයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2167 සිට ඇමරිකානු ඩොලර් මිලියන 2290 ක් දක්වා සියයට 5.7 ක් දක්වා වර්ධනය වී ඇති බවද මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ