ජනාධිපති වැය ශීර්ෂය 300%කින් ඉහලට.. රනිල්ටත් වඩා 72%කින් වැඩියි

ජනාධිපති වැය ශීර්ෂය 300%කින් ඉහලට.. රනිල්ටත් වඩා 72%කින් වැඩියි

වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත විසින් 2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


අයවැය ඉදිරිපත් කිරීමේ පළමු පියවර වන මෙය, තුන්වරක් කියවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර හඳුන්වන්නේ විසර්ජන පනත් කෙටුම්පත ලෙස යි.

මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වන විට විදේශගතව සිටි බැවින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු අයවැය වූ 2025 අයවැයේදී ඔහු සිදු කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීම ය.

Search