ජනාධිපති වැය ශීර්ෂය 300%කින් ඉහළ ගිය කතාව බොරු..- මුදල් නි. ඇමති

ජනාධිපති වැය ශීර්ෂය 300%කින් ඉහළ ගිය කතාව බොරු..- මුදල් නි. ඇමති

මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 වර්ෂය සඳහා වන විසර්ජන පණත් කෙටුම් පත සම්බන්ධයෙන් බීබීසී නාලිකාව විසින් සිදු කර තිබූ අර්ථ නිරූපනයක් සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා පැහැදිලි කිරීමක් කරයි.

අමාත්‍යංශ විසින් ඉදිරිපත් කරන ලද විවිධ වැය ශීර්ෂයන්හි තොරතුරු ඇසුරින්, සමාජය නොමග යවන වැරදි ප්‍රවෘත්තියක් මේ වන විට ප්‍රචාරණය වන බවත්, එම සංසන්දනය කිරීම ඉතාමත් වැරදි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ප්‍රචාරය වන ප්‍රවෘත්තියට අනුව, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025ට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි කර ඇති බවට සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම ගණනය කිරීමට පාදක කරගත් පදනම වැරදි බව මුදල් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි.

2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී රුපියල් බිලියන 2.9ක් (මිලියන 2900ක්) ලෙස මෙහි දක්වා ඇත. මෙම මිලියන 2900 යනු 2025 වර්ෂයේදී අයවැය යෝජනා වලින් ඇතුළත් විය යුතු සංඛ්‍යා මිස අවසාන වෙන් කිරීම නොවේ.

2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත්වන්නේ රුපියල් මිලියන 9000ක් (බිලියන 9ක්) බව ඒ මහතා පෙන්වා දෙයි.

වැරදි ප්‍රවෘත්තිය සඳහා සංසන්දනයට යොදාගෙන ඇති 2026 වර්ෂය සඳහා වන රුපියල් 11.37ක (බිලියන) මුදල තුළ, ඉහත සඳහන් කළ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සහ පර්යේෂණ සඳහා යන මුදල් ද අන්තර්ගත වන බව නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරයි.

එම නිසා, සංසන්දනය සඳහා මුලින්ම ඉදිරිපත් කරන ලද සංඛ්‍යාව යොදා ගැනීම තාක්ෂණිකවම වැරදි වන අතර, මෙම වැරැද්ද නිසාම නොමග යවන ප්‍රවෘත්තිය සකස් වී ඇති බව ඔහු සඳහන් කර සිටී

Search