බිහිසුණු බස් – ලොරි අනතුරක්, 3ක් මරුට

බිහිසුණු බස් – ලොරි අනතුරක්, 3ක් මරුට

නාරම්මල – කුරුණෑගල මාර්ගයේ එම නගරය ආසන්නයේදී අද (05) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.


කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක්, රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

කෙසේවෙතත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළා.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු ඇතුළු පස් දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන්ව නාරම්මල සහ කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් පසු ලොරි රථයේ රියදුරු, එහි ගමන් කළ එක් පිරිමි පුද්ගලයෙක් සහ එක් කාන්තාවක් මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 41, 80 සහ 82 වයස්වල පසුවූ පුද්ගලයන්.

තුවාල ලැබූ වයස අවුරුදු 40ක කාන්තාවක් සහ වයස අවුරුදු 16 සහ 09 වයස්වල පසුවන දැරියන් දෙදෙනෙකුක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළා.

මෘත ශරීර නාරම්මල සහ කුරුණෑගල රෝහල්වල මෘත ශරීරාගාරයන්හි තැන්පත් කර තිබෙනවා.  

නාරම්මල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ඇති

Search