අර තියෙනවා කියපු ෆයිල් කෝ ?චමින්ද විජේසිරි

අර තියෙනවා කියපු ෆයිල් කෝ ?චමින්ද විජේසිරි

රාජපක්‍ෂ පවුල සිදුකළ බව කියන අපරාධ දූෂණ එක රැයින් අල්ලන බව පවසමින් ආණ්ඩුව බලය ගත්තත් චෝදනා ලද පිරිස එළියට ඇවිත් කියන දේවල් සම්බන්ධව ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.


අද වන විට හොරු කියූවන් වීරයන්වී ඇති බවත් මයිනන් ෆෝම් කරන තැනට ආණ්ඩුව පත්ව ඇති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර එදා තාජුඩීන් ඝාතනය ඇතුළු සිදුවීම් ගණනාවක් එක රැයින් ඇල්ලීමට සියළු තොරතුරු ෆයිල් සහ කැබ් වල තිබෙන බව පැවසුවත් ආණ්ඩුවට වසරක් ගතවූවත් සිදුකළ දෙයක් නොමැති බවද සඳහන් කළේය .

එහිදි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එවකට B වාර්තා ලියූවන් වත්මන් ආණ්ඩුවේ ද ඉහල තනතුරු වල සිටින බවක් දක්නට ඇති බවයි

Search