අපි වැඩ වර්ජන කළෙත් නෑ : රටේ සංවර්ධනයට බාධා කළෙත් නෑ – ටිල්වින් සිල්වා කියයි !

අපි වැඩ වර්ජන කළෙත් නෑ : රටේ සංවර්ධනයට බාධා කළෙත් නෑ – ටිල්වින් සිල්වා කියයි !

තම පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති පසුගිය වසර ගණනාව තුළ රටේ සංවර්ධන ගමන විනාශ කළ බවට එල්ල වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.


රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය.

සංවාදයේදී නිවේදකයා පෙන්වා දුන්නේ, පසුගිය වසර 76 පුරා රට හදන්න උත්සාහ කළ ද, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම විසින් සම්පූර්ණ පද්ධතියම විනාශ කර දැමූ බවට සහ එය තවදුරටත් කරගෙන යාමට නොහැකි තැනකට පැමිණ ඇති බවට චෝදනා එල්ල වන බවයි.

මෙයට ප්‍රතිචාර දැක්වූ ටිල්වින් සිල්වා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කිසිම දිනයක මේ රටට හානිකර කිසිවක් සිදුකර නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නැති බවත්, කෙසේ වෙතත්, රාජ්‍ය ආයතනයක් විකිණීමට ලෑස්තිවීම වැනි රටට අහිතකර තීරණයක් ගන්නේ නම්, එවැනි අවස්ථාවකදී ඊට විරුද්ධ වූ බවත්ය.

වැඩ වර්ජන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා, පසුගිය වසර ගණනාව තුළ තම සංවිධානය කිසිසේත් ‘ස්ට්‍රයික්’ නොකළ බවත්, පැවතියේ උද්ඝෝෂණ වැනි දේ පමණක් බවත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් යම් යම් පෞද්ගලික ආයතනවල පවා මැදිහත්වී වර්ජන කළේ යැයි චෝදනා ඇති බවට නිවේදකයා කළ ප්‍රකාශයට, ඒවා හුදු චෝදනා පමණක් බව ඔහු සඳහන් කළේය .

Search