මාස නවයකදී රුපියල 3.3% කින් පිරිහෙයි

 මාස නවයකදී රුපියල 3.3% කින් පිරිහෙයි

මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා වූ මාස නවයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.3 කින් පිරිහී ඇත.


ගිය වසරේ (2024) දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.7 කින් ශක්තිමත් විය.

එසේම මාස 9 ක කාලයේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂමව සියයට 14.1 කින් ද ස්ටාර්ලින් පවුමට සාපේක්ෂව සියයට 9.6 කින් ද චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 5.6 කින් ද ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 8.1 කින් ද සහ ඔස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.5 කින් ද පිරිහී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

Search