ශ්‍රී ලාංකිකයන් හට බංකොලොත් වූ රටක අත්දැකීම් ලබන්න හේතු වූ සුවිශේෂී කරුණක් වන්නේ දුර්වල ණය කළමනාකරණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව තිබියදී රට බාරගත් වත්මන් ආණ්ඩුව එය සංවර්ධිත මාර්ගයකට හරවා යැයි ජනතාව අපේක්ෂා කළත් නව රජයට වසරක් ඉක්ම ගොස් ඇති මේ අවස්ථාවේ රටේ ඉදිරි සංවර්ධිත ඉලක්ක හා ඒ සම්බන්ධ වන ආර්ථිකයේ සූදානම දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.*
මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත සංචිත මුදල් ප්‍රමාණයත්, පසුගිය ගෙවුනු වසරේ සංචිතවල මාසික වෙනස්වීමේ ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය බවත් 2028 වන විට ඩොලර් බිලියන 15ක සංචිත ඉලක්කයක් සපුරා ලන්නට ඇති රජය සැලසුම් කර ඇති නිසා මේ වන විට රටේ සමස්ත ණය ප්‍රමාණයත් එය දේශීය හා විදේශීය වශයෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් වත්මන් රජය ගත් ණය ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදේශ ණය නම් ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය හා සෛරී බැදුම්කර ලෙස වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් මෙම වසර තුළ ණය වාරික සහ පොලී වශයෙන් සිදු කරන ලෙස ගෙවීම් ප්‍රමාණයත් එය ඉදිරි වසර 5 සදහා වෙනස්වන ප්‍රමාණයත් වෙන වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් අයි. එම්. එෆ් වැඩසටහන අවසන් වූ පසු ණය සේවාකරණයට රාජ්‍ය ආදායමෙන් තුනෙන් දෙකක් ගෙවීමට ඇති නිසා මේ දත්ත ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉදිරි වසර 5 තුළ ණය ගෙවීමේ ක්‍රියාවලිය තිරසරව පවත්වා ගැනීම රජයේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන ලෙසත් එම ඉලක්ක මේ වසරේ සපුරා ගෙන ඇත් ද සහ ඊලග වසර 5 තුළ එය කෙසේ පුරෝකථනය කර ඇත් ද කියා ඉදිරිපත් කරන ලෙසත් සාධනීය ලෙස ණය ගෙවීමට වාර්ෂිකව පවත්වාගෙන යුතු යැයි අපේක්ෂිත අවම අපනයන ආදායම් ප්‍රමාණය හා විදේශ ප්‍රේෂණ ප්‍රමාණ කොපමණ ද කියා විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.
ගෙවුනු වසරේ සෘජු විදේශ ආයෝජන ලෙස ලැබුණු ප්‍රමාණයත් ඉදිරි වසර 5 තුළ රජය අපේක්ෂා කරන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සහ කුමන ක්ෂේත්‍ර යටතේ ඒවා ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට රටෙන් ලක්ෂ 80ක් දුප්පතුන් ඇති නිසා මේවා අතිශය වැදගත් බවත් එස්වැට් අහෝසි කිරිම හෝ තවදුරටත් පවත්වා ගැනීම තුළින් ආර්ථිකය තුළට වන බලපෑම ගැන තක්සේරුවක් රජය සිදු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
https://youtu.be/dEOT9cUOWIU?si=1iXWVVaKxcI6x5f1