ආණ්ඩුවේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක වූවානම් රටේ සියයට 25ක් ජනතාව දුප්පත් විය නොහැකි බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් තවමත් ඉටු කර නොමැති කරුණු පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
‘වත්මන් ආණ්ඩුව පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගතකරන එක ගැන ප්‍රකාශ කළා. අපි සියලු දෙනාම ඒකට කැමැතියි. එවකට ආණ්ඩුව අසමත් වූ නිසා ජනාධිපතිවරයෙක් පත්කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට 159ක් පත්කර දුන්නා. ඊට පස්සේ පළාත් පාලන ආයතන බහුතරයක බලය දුන්නා. මේ බලය ලබාදුන්නේ පොහොසත් රටක් නිර්මාණය කරන්නයි. අද ආණ්ඩුව කියන විදියට රජයේ, අමාත්‍යාංශවල වැඩ කරගෙන යනවා. ගමට යන්න වෙලාවක් නැහැ. දැන් අපි විපක්ෂයේ ඉන්නවා. ගමේත් යනවා. හැමදේටම සම්බන්ධ වෙනවා. ගමට ගියාම ගමෙන් තොරතුරු එනවා. ඒ අනුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදුවාද කියලා අහනවා.
ලෝක බැංකුව ඊයේ ප්‍රකාශයක් කර තිබෙනවා. ලංකාවේ හතරෙන් එකක් දුප්පත් බව ප්‍රකාශ කර තිබෙනවා. පොහොසත් රටක සියයට 25ක් දුප්පතුන් වෙන්න විදියක් නැහැ