ලෝකයේ සෑම ආණ්ඩුවකම පළමුවන කැබිනට් සංශෝධනය සංකේතවත් කරන්නේ, එම ආණ්ඩු තුළ පැවති අභ්‍යන්තර අර්බුදය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න පවසයි.
පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙය ඉතා පැහැදිලි ලෝක දේශපාලන යථාර්ථයක් බවත්, අලුත් ආණ්ඩුවක පළමුවන කැබිනට් සංශෝධනය යනු ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය උත්සවාකාරයෙන් එළිදැක්වෙන අවස්ථාවක් බවත්ය.
ජාතික ජන බලවේගය (NPP) ප්රමුඛ ආණ්ඩුවේ පළමුවන කැබිනට් සංශෝධනය වනාහි, පසුගිය මාස 12 ක කාලය පුරා ආණ්ඩුව ඇතුළත බුර බුරා නැඟුණු අර්බුදය එළියට පැමිණි අවස්ථාව බව ද ඔහු කියා සිටියේය.
මෙහිදී, මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් වංචා සිද්ධිය සම්බන්ධයෙන් ද එදිරිමාන්න මහතා චෝදනා කළේය.
“ජනාධිපතිවරයා උත්සාහ කරනු ඇත්තේ බහාලුම් මගඩිය බිමල් රත්නායක ඇමතිවරයා මත පටවා ආණ්ඩුවේ ඉතිරි කොටස නිදහස් කර ගැනීමටයි. නමුත් බහාලුම් මගඩියට ඇමතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවම සම්බන්ධයි” යනුවෙන් ඔහු චෝදනා කළේය.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පළමු කැබිනට් සංශෝධනයේදී පවා කම්කරු ඇමති ,ධීවර ඇමති වූ බවත්, ඇතුළේ අර්බුද වසා ගැනීමට මෙවැනි කැබිනට් සංශෝධන සිදු කෙරෙන බවත්ය.