ලංකා විදුලිබල මණ්ඩලය තෙල් ණය බිලියන 14.3යි

ලංකා විදුලිබල මණ්ඩලය තෙල් ණය බිලියන 14.3යි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් වෙත රුපියල් බිලියන 14.3ක ණය මුදලක් 2024 වර්ෂයේ අවසානය වනවිට ගෙවීමට තිබූ බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.


ලංකා විදුලිබල මණ්ඩලය විසින් ස්වාධීන විදුලි සැපයුම්කරුවන්ගෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ඉකුත් වර්ෂයේ දී (2024) රුපියල් මිලියන එක්ලක්ෂ දොළොස්දහස් දෙසීයහයක මුදලක් (112,206) වැය කර තිබුණි.

මෙකී වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් වෙත විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට තිබූ ණය මුදල රුපියල් බිලියන 85.5කි. විදුලි ගාස්තු සංශෝධනයේ දී පිරිවැය ආවරණය වන ගාස්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කළ ලාභය ගෙවීමට තිබූ දිගු කාලීන ණය පියවීම සඳහා යොදා ගැනීමට කටයුතු කරනු ලැබීය. මේ හේතුවෙන් 2024 වර්ෂය අවසානයේ දී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් වෙත ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 14.3 දක්වා අඩුවී තිබුණි

Search