රූමත් තරුණියකට හිමිව තිබූ විදේශ සංචාර අවස්ථාවක් අහිමි කිරීම මගින් තමන් විශාල ‘පාපකර්මයක්’ සිදු කර ගත් බවට මේ වන විට හැඟීමක් ඇති වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කර තිබේ.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, මෑතකදී වසන්ත සමරසිංහගේ විදේශ සංචාරයක් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේ, අදාළ හෙළිදරව්වෙන් පසු එම පිරිස දැකීමෙන් තමන් කම්පාවට පත් වූ බවත්, තමන් සිදු කර ගත්තේ විශාල වරදක් බවත් මේ වන විට අවබෝධ වන බවත්ය.
කෙසේ වෙතත්, තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන්හි කරුණු තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු තමන් සතුව ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එහිදි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බවට කථානායකවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.