“ලයිට් බිල වැඩි කළොත් මහ පාරට”- විපක්ෂ නායක

 “ලයිට් බිල වැඩි කළොත් මහ පාරට”- විපක්ෂ නායක

රජය විදුලිඛිල නැවත වැඩි කළොත් සමගි ජන බලවේගය ජනතාව සමග පාරට බහින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


විදුලිබිල වැඩි කිරීම තුළින් ගෘහයේ ආර්ථිකයේ පී විඳින්නේ මව්වරු සහ කාන්තාවන් බව විපක්ෂ නායක කීවේ ය.

ඒ අනුව, විදුලිඛිල වැඩි කිරීම සිදු නොවේ යැයි ප්‍රාර්ථනා කරන නමුත් රජය යම් හෙයකින් විදුලිඛිල වැඩි කළහොත් මහ පාරට බැස මෙයට විරුද්ධව කටයුතු කරන බව විපක්ෂ නායක අවධාරණය කළේ ය.

ශ්‍රීමත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී ආරම්භ කිරීමට එක්වෙමින් විපක්ෂ නායක ඊයේ (ඔක්. 12) මේ බව පැවසීය.

දුක් ගින්නෙන්, බඩ ගින්නෙන්, පීඩනයෙන්, අසහනයෙන් තැලී පොඩි වී සදාකාලික අනාථභාවයට ලක් කරන රජයේ මේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරාජය කිරීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සඳහන් කළේ ය.

රටේ ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කීය

Search