අලුත් ක්‍රමය ගෙන ඒමට නොහැකි වුවහොත් පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට ලබන වසර තුළදී පවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පැවසීය.
පැවති ඡන්ද ක්‍රමය අහෝසි කරමින් පළාත් සභා ඡන්දය කල් දමා ඇත්තේ වත්මන් පාලනය නොව පැවති ආණ්ඩු විසින් බව පෙන්වා දෙන ලාල් කාන්ත මහතා එම වැරැද්ද නිවැරදි කර ඡන්දය පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය කළේය.
වැඩසටහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා තවදුරටත් කියා සිටියේ පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර සම්මත කරගත යුතුු බවයි.
ඒ අනුව ලබන වසර වන විට නව ඡන්ද ක්‍රමය ගෙන ඒමට නොහැකි වුවහොත්
පාර්ලිමේන්තුවට පනත් කෙටුම් පතක් ඉදිරිපත් කර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය