නාමල් රාජපක්ෂ පොලිසියට අනතුරු අඟවයි !

නාමල් රාජපක්ෂ පොලිසියට අනතුරු අඟවයි !

ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන බලපෑම්වලට යටත් නොවී අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.


එසේ නොවුවහොත්, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් නැගුණු ආකාරයේ චෝදනා නැවතත් පොලිසියට එල්ල වනු ඇති බවට මන්ත‍්‍රීවරයා අනතුරු අඟවයි.

මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ , රටට ගෙනා අයිස් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක එළියට දැමූ අය කවුදැයි මෙතෙක් හෙළි කර නොමැති බවය. එසේම, බුද්ධි අංශ වාර්තා අනුව මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට මාරුවීම් දෙන බවද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කරමින් සිටියද, අවසානයේදී ‘රොකට්ටුව පැලවත්තට’ පහත්වීමේ අවදානමක් ඇති බවටද මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය.

Search