මාලිමාවට සමූපකාර ඡන්ද තිත්ත වෙයි ! සමූපකාර ඡන්ද ප්‍රතිඵලයෙන් සමස්ත ජනමතය මනින්න බෑ – මහින්ද ජයසිංහ

මාලිමාවට සමූපකාර ඡන්ද තිත්ත වෙයි ! සමූපකාර ඡන්ද ප්‍රතිඵලයෙන් සමස්ත ජනමතය මනින්න බෑ – මහින්ද ජයසිංහ

සමූපකාර මැතිවරණ සඳහා සහභාගී වන්නේ සමස්ත බල ප්‍රදේශයක ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් බැවින්, එම මැතිවණ ප්‍රතිඵලයකින් සමස්ත ජන මතය පිළිබඳ තීන්දුවක් ගත නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.


ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති අනුර දිසානායක මාලිමාව සමූපකාර ඡන්ද ජයග්‍රහණය කරන විට එය ගමේ ජනතා මතය යැයි ප්‍රකාශ කළද, මේ වන විට ආණ්ඩුව සමූපකාර ඡන්ද පරදින පසුබිමක එම තර්කය තවදුරටත් වලංගු දැයි ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

එහිදි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මෙන්ම විපක්ෂ කණ්ඩායම් එකතු වී සමූපකාර බලය ලබා ගනිමින් සිටියද, තනි පක්ෂයක් ලෙස තමන් තවමත් ඉදිරියෙන් සිටින බවයි.

එසේ වුවද, රටේ බහුතර සමූපකාරවල බලය ඇත්තේ ජාතික ජන බලවේගය සතුව බවත්, තමන් හොබවන සමූපකාර ඔස්සේ ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය

Search