2022-2023 කාලසීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලද ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 2 500 000.00 ක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලද රුපියල් 100,000,000 ක් වටිනා පරිත්‍යාග වෙනුවෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාව නැවත වරක් එම ඖෂධ සැපයීම වෙනුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකයෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිකුත් කළ නවතම විගණන වාර්තාව පවසයි.
IV Merapenum 1 g සහ 500 mg මිලදී ගැනීම වෙනුවෙන් මේ අන්දමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් පරිත්‍යාග කොට තිබිණ. කෙසේ වුවත් මෙම මුදල් රිජ්වෙ ළමා රෝහල සහ කාසල් රෝහලේ ඖෂධ මිලදී ගැනීම සඳහා පසුව ද්‍ය සැපින් ඒකකය මගින් එම මුදල් යළි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අයකර ගැනීමට කටයුතු කර තිබිණි.
මීට අමතරව තවත් තෝරා ගන්නා ලද ඖෂධ 19ක් සඳහාද මේ අන්දමටම ප්‍රසම්පාදන කටයුතු යි සිදුකොට ඉන්නව සිට දාහතක් මිලදී ගැනීම වෙනුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකය යළි රාජ්‍ය ඖෂධ සංස්ථාවට මුදල් පියවා තිබිණි.
එසේම විදේශ සේවා නියුක්ති කාර්යාසය මගින් ඉහත කාල සීමාවේදී ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සඳහා රුපියල් මිලියන සීයක මුදලක් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ලබා දී තිබූ අතර පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ අයිතම හතළිස් දෙකක් වෙනුවෙන් මෙම මුදල් වෙන් කර තිබුණද ඉතින් තෝරා ගත් ඖෂධ වර්ග පහළවක් සඳහා පමණක් මිල ගණන් කැඳවා සිදු බව විගණනය පෙන්වා දෙයි.
අවබෝධයෙන් තොරව හා මුස්ලිම් කිරීමත් ලෙස කටයුතු කිරීමෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් හිතා මතා හෝ නොසැලකිලි මරු ලෙස කටයුතු රුපියල් මිලියන 943.83 ක මුදල් අවභාවිතාවක් සඳහා පහසුකම් සපයා ඇති බව විගණනයේදී නිරීක්ෂණය වූ බවද එම විගණන වාර්තාව පෙන්වා දෙයි.
රජයේ අරමුදල් විගණනය විසින් අනාවරණය කරන තෙක් වර්ෂ දෙකකට අධික කාලයක් තිස්සේ නිලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් අනවශ්‍ය ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවක රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති අහිතකර බලපෑම මිනිය නොහැකි බව විගණනය පෙන්වා දෙන බැවින් මේ සම්බන්ධවත් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි.
මෙම ප්‍රශ්න සහගත ගනුදෙනු සිදුවන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයුම් ඒකකය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ නිලධාරීන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක විය යුතු බවද එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි