අය-වැය කියවන්න ජනපති එන දින තුනේ පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමැති ලෙස ලබන වසරට අදාළ අය-වැය ඉදිරිපත් කරන නොවැම්බර් 04, 06, 07 දිනවල පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා විශේෂ පරික්ෂාවක් සිදු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
ඒ අනුව එම දිනවල පාර්ලිමේන්තුවට පැමිණෙන විට රියැදුරු පමණක් රැගෙන එන ලෙසත් පිටස්තර කිසිවෙක් රැගෙන නොඑන ලෙසත් මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රි විවේකාගාර, අධි ආරක්ෂක ප්‍රදේශ සහ පාර්ලිමේන්තු පරිශ්‍රය සෝදිසියට ලක් කරන බවද මන්ත්‍රිවරුන්ට දැනුම් දුන්නේය.