සිවිල් ආරක්ෂක කමිටු 14000ක බලය ගත්ත මාලිමාවට තවම මේ මිනිමරු සංස්කෘතිය නැති කරන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 සිවිල් ආරක්ෂක කමිටු 14000ක බලය ගත්ත මාලිමාවට තවම මේ මිනිමරු සංස්කෘතිය නැති කරන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද සුරසැප විදින්නේ ජනතාවගේ කරපිටින් රජ පුටුවට ගිය රාජ්‍ය බලය ගත් අය බවත් අද සමාජයේ මිනිමැරු ඝාතන සංස්කෘතිය රටම වෙලාගෙන ඇති බවත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මහජන දිනයක් ක්‍රියාත්මක කරන්න අධිකරණය තුළ නඩු අහන්න නොහැකිවී ඇති බවත් සෑම තැනම මිනිස් ඝාතන සිදු කරන බවත් රජයේ නොහැකියා අකාර්යක්ෂමතාව තුළ මේවා නවත්වන්න නොහැකි වී ඇති බවත් අද නීතිය වල් බිහි වී පාතාලය රජකරවන පසුබිම මේ රජය නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


රට පුරා සිවිල් ආරක්ෂක කමිටු 14000කට මාලිමාවේ අය පත් කරලත් මේ මිනිමරු සංස්කෘතිය නවත්වන්න බැරි වුණු බවත් හැමතැනම රජය කළේ ජනතාවට බොරු බලාපොරොත්තු ලබා දීම බවත් අද ඇත්තේ් බොරුව රැවටිල්ල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රක්වාන ආසනය වැලිගෙපොල කොට්ටාසය විපක්ෂනායක ජංගම සේවය හා සාමාජික ප්‍රවර්දන වැඩසටහන හා එක්වෙමිනි.

IPhone, internet, google උපයෝගී කර ගෙන අපේ රටේ අය කරන්නේ අපහාස උපහාස බවත් අද ලෝකයේ AI, chatgpt යොදා ගෙන දැනුම සොයන බවත් drone තාක්ෂණය AI උපයෝගී කර ගෙන ලෝකයේ කෘෂිකාර්මික දියුණුවක් ලබා ඇතැයි කියන විට එය facebook හරහා අපහාස කළ බවත් පසුගිය කාලයේ සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන පරිගණක ඉංග්‍රීසි භාෂාව ගැන කියද්දිත් මඩ ගැසු බවත් එදා පහර ගැසු අයට අද ජාත්‍යන්තරය ඉදිරියේ අදහස් ඉදිරිපත් කරන විට නිවැරදි ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේ රටෙ අධ්‍යාපනය නවීකරණය විය යුතු බවත් දූපත් මානසිකත්වයෙන් මිදිය යුතු බවත් රටවල් 193 සමගම සැම ක්ෂේත්‍රයකින්ම තරග කළ යුතු බවත් තරග කර දිනිය යුතු බවත් ඒ සදහා දැනුම බුද්ධිය වර්ධනය කරගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ රජයේ පාසල් 10126ක ලක්ෂ 41ක් දු දරුවන් අධ්‍යානය ලබන බවත් මේ දරුවන් පරිගණක තාක්ෂණය ඉංග්‍රීසි චීන හින්දි ජපන් ආදී භාෂා ඉගෙන ගන්නා විට විහිලුවට ලක් කරන අයගේ දුවා දරුවන් යන්නේ පෞද්ගලික පාසල් වලට ජාත්‍යන්තර පාසල් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන බවත් ඔවුන් රජයේ පාසල්වල දරුවන්ට දුෂ්කර පළාත්වල දරුවන්ට මේ දැනුම ලැබෙනාවට ඊර්ෂයා කරණ බවත් ඔවුන්ගේ දරුවන් පරිගණක ඉංග්‍රීසි ඉගෙන ගැනීම හොද වුවත් රටේ දරුවන් ඉගෙන ගැනීම විහිලුවක් කර ⁣ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පොහොර, යෙදවුම් හෝ ස්ථාවර මිල පමණක් නොව නව තාක්ෂණය උපයෝගී කර ගෙන නව ක්‍රමවේද භාවිත කර කෘෂිකර්මාන්තය දියුණු කළ හැකි බවත් මේවා ගැන කියද්දි තමාට උසුළු විසුළු කළත් නෙදර්ලන්තය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුවක් ලබාගෙන ඇති බවත් නව තාක්ෂණය උපයෝගී කර ගෙන සීමිත භූමියෙන් විශාල අස්වැන්නක් ලබාගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය

Search