වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන දේශපාලන හා මාධ්‍ය සංදර්ශන බවට පත් කර ඇති බවත් පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මහජන නියෝජිතයකු ලෙස ජගත් විතාන මහතාට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සේවාව ඉටු කිරීම මේ ප්‍රකාශ නිසා දැඩි අභියෝගයට ලක් ව ඇති බවත් ජගත් විතාන මහතාගේ පුරවැසියකු වරප්‍රසාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වරප්‍රසාද පොලිස්පතිවරයාගේ වැරදි ප්‍රකාශ නිසා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලිස්පතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා අපරාධකරුවන් සමඟ සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
මේ අවස්ථාවේ ජීවිත තර්ජන ඇති ජගත් විතාන මහතා එම තර්ජන සම්බන්ධයෙන් පැමිණිලිකරු ලෙස කටයුතු කිරීමේ දී අපරාධකරුවකු ලෙස හැඳින්වීම තරයේ ප්‍රතික්ෂේප කර හෙළා දකින බවත් ආරක්ෂාව ලබා දීම දේශපාලනීකරණය වී ද නැත්නම් ආරක්ෂාව ලබා දීමේ භාරදූර වගකීම දේශපාලනඥයන් සියතට ගෙන ඇත් ද කියා ප්‍රශ්න කරන බවත් ජගත් විතාන මහතාගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් සිටින බවත් රජය, පොලිස්පතිවරයා ප්‍රමුඛ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ඇමතිවරයා ප්‍රමුඛ සියලු දෙනා ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තහවුරු කර ජිවිතය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ලක්ෂ 220ක් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමයි*
එසේම ලක්ෂ 220ක් පුරවැසියන්ගේ ආරක්ෂාව ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකීම ගත යුතු බවත් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මන්ත්‍රිවරියන් සභාපතිවරුන්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ගේ මෙන්ම විපක්ෂයෙන් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*පොලිස්පතිගේ ප්‍රකාශ නිසා පැමිණිලිකරු අපරාධකරුවන් බවට පත් වෙලා*
මාස ගණනාවක් පුරා ලිඛිත ඉල්ලීම් ඉටු කර ඇති නිසා නිසි නියෝග හා උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවත් ජගත් විතාන මහතා විශිෂ්ට ජනතා සේවාවක් කරන ජනතාවගේ ඡන්දයෙන් පත් වූ අයකු බවත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම රටේ ආරක්ෂක අංශවල වගකීමක් බවත් පොලිසියෙන් සිදුවිය යුතු යුතුකම සහ වගකීම ඉටු නොවූ බවත් පොලිස්පතිවරයාට ලැබෙන වාර්තා විකෘති නොකරන ලෙසත් පැමිණිකරුවන් අපරාධකරුවන් බවට පත් නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.