ලසාගේ වෙඩික්කරු දින තුනට කිලෝමීටර් 727ක් දුරක් ගිහින්

 ලසාගේ වෙඩික්කරු දින තුනට කිලෝමීටර් 727ක් දුරක් ගිහින්

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිව සිටි ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරු වෙඩි තැබීමෙන් පසු පැය හැත්තෑ දෙකක කාලයක් තුළ පොලිසියෙන් බේරීම සඳහා කිලෝමීටර් හත්සිය විසිහතක දුරක් ගමන් කර ඇතැයි විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

වැලිගමදී වෙඩි තැබීම සිදු කර එතැන් සිට මාතර නූපේ හන්දියටත් එහි සිට අකුරැස්ස, යක්කලමුල්ල, අක්මීමන හරහා හියාරේ අඟුළුගහ ප්‍රදේශයටත් ගමන් කර පසුව අම්බලන්තොට රිදීගම පිහිටි සිය බිරියගේ නිවෙසට යෑමෙන් පසු වැල්ලවාය, බුත්තල, මහියංගනය ඔස්සේ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයට ගොස් එතැනින් කොළඹ මහරගම දක්වා ගමන් කර ඇත.


මෙම ගමනේදී සැකකාර වෙඩික්කරු හා ඔහුගේ බිරිය මෙන්ම වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පැදවූ සැකකරු කිලෝමීටර් 525ක දුරක් යතුරුපැදිවල ගමන් කර ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


එසේ යතුරුපැදිවල ගමන් කිරීමේදී බුත්තල සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 288ක දුරක් ඔවුන් තිදෙනා එක් යතුරුපැදියක ගමන් කර ඇති අතර එය අතරමඟදී ආපදාවට ලක් වූ එකක් වීමද විශේෂත්වයක් වේ.


මෙම ගමන අවසානයේ සැකකාර වෙඩික්කරුගේ බිරිය හා වෙඩි තැබීම සඳහා යතුරුපැදිය පැදවූ පුද්ගලයා සමඟ තවත් අයකු අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී ඉකුත් 26 වැනිදා අලුයම පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අතර වෙක්කරු මහරගම නාවින්න ප්‍රද්ශයේදී පොලිසියට කොටු විය

Search