සියලු සරසවි සම සෞඛ්‍ය උපාධි පාඨමාලා පටන් ගනිද්දී රුහුණේ කණ්ඩායම පමණක් බඳවාගෙන නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

සියලු සරසවි සම සෞඛ්‍ය උපාධි පාඨමාලා පටන් ගනිද්දී රුහුණේ කණ්ඩායම පමණක් බඳවාගෙන නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පේරාදෙණිය, කොළඹ, ජයවර්ධනපුර, නැගෙනහිර, යාපනය සහ රුහුණ යන විශ්වවිද්‍යාල 6කට බඳවා ගැනීම් කරන බවත් මේ වනවිට රුහුණ හැරුණු කොට අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඉසෙඩ් ස්කෝර් මත පදනම්ව රුහුණේ 250 හැරුණු කොට බඳවාගෙන හෙද, වෛද්‍ය රසායනාගාර, ඖෂධවේදී ආදී උපාධිවලට පුහුණු වෙන බවත් මේ වනවිට රුහුණේ 17 වැනි කණ්ඩායම පමණක් බඳවා ගෙන නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේ ක්ෂේත්‍රය භාර පීඨාධිපතිවරයා කියූ කරුණු අනුව සමස්තයක් ලෙස සිසුන් 1053ක් සිටින අතර ශිෂ්‍ය සහ ආචාර්යවරුන් අනුපාතය 10ට 1ක් තිබිය යුතු බවත්, අධ්‍යයන කාර්ය මණ්ඩලය 105ක් තිබිය යුතු වුවත් දැනට 43ක් සහ ඉගැන්වීම් සඳහා දැනට ඉන්නේ 26 දෙනකු බවත්, හෙද ක්ෂේත්‍රයේ 66ක් සිටිය යුතු තැන ගුරුවරු 10ක් සිටින බවත් සිසුන් 663ක්ද සිටින බවත් පශ්චාත් උපාධි පුහුණුවට යම් ප්‍රමාණයක් විදේශ ගත වන අතර ඒ අතරින් යම් පිරිසක් නැවත නොපැමිණෙන බවත් පේරාදෙණිය කොළඹ ජපුර නැගෙනහිර හා යාපනය යන විශ්වවිද්‍යාවල අධ්‍යයන කටයුතු සඳහා 2025 ජනවාරි බඳවාගෙන ඇති නමුත් රුහුණු සිසුන් 250ට තවමත් කිසිවක් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය 30 වැනි දා හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය, මිනිස්බලය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව හමුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

මෙම අවස්ථාව සඳහා නාලක කලුවැව මහතා (අධ්‍යාපන ලේකම්-අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය), විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය තිලක් වීරරත්න මහතා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඉමේන්ද්‍ර කොටපොල මහතා ද එක්විය

Search