සතොස වෙළෙඳසල් ජාලයේ 100ක පමණ ප්‍රමාණයක් වසා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ විසින් බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ මෙමගින් රට තුළ ව්‍යාපාර ඒකාධිකාරයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ රජය විසින් සතොස වෙළඳසැල් 130ක් වසා දැමීමට තීරණය කර ඇති අතර, ඉන් 30ක් දැනටමත් වසා දමා අවසන් කර ඇති බවත්, තවත් 100ක් වසා දැමීමට නියමිතව ඇති බවත් ය.
දැනටමත් වසා දමා ඇති, ජා-ඇල වැනි සතොස ශාඛාවක දිනකට රුපියල් ලක්ෂ 5ක හෝ 6ක විකුණුම් වාර්තා කරන, එවැන්නක් කිසිසේත් පාඩු නොලබන ආයතන බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
රාජපක්ෂ මහතා මෙම තත්ත්වය සම්බන්ධ කරන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ මෑතකදී කළ ප්‍රකාශයක් සමඟිනි.
සතොස ශාකා 100ක් වසා දැමීමට තීරණය කර ඇති මේ මොහොතේ, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තමන් සිල්ලර ව්‍යාපාරයට පිවිසෙන බවත්, අලුතින් සුපිරි වෙළඳසැල් 100ක් විවෘත කරන බවත් ප්‍රකාශ කර තිබේ.
පෙරේරා මහතා මීට පෙර ද සතොස මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබීම වැදගත් කරුණක් ලෙස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව, පසුගිය රජය යටතේ සතොසට මත්පැන් බලපත්‍ර 100ක් ලැබුණු අතර, ඒවායින් බොහෝමයක් සතොස ශාඛාවල විවෘත කර තිබූ බව ද ඔහු සඳහන් කළේය.