නුවරඑළියේ එළවළු ගොවීන් සියළු කටයුතු වලින් ඉවත්ව වර්ජනයක !

 නුවරඑළියේ එළවළු ගොවීන් සියළු කටයුතු වලින් ඉවත්ව වර්ජනයක !

ආනයනික අර්තාපල් සහ බී ලූණු සඳහා දේශීය ගොවියා ආරක්ෂා වන අයුරින් සුදුසු බදු පැනවීමක් නොකිරීමට විරෝධය පළ කරමින්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් අද (10 වර්ජනයක් කැඳවා තිබේ.

ඊයේ මාධ්‍යට අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක ද මේ බව නිවේදනය කර සිටියේය.

ඒ අනුව ගොවීන් අද දිනයේදී තම එළවළු අස්වැන්න අලෙවි කිරීමෙන් සහ ප්‍රවාහනය කිරීමෙන් වැළකී සිටිනු ඇත.

දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවීන් සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටින තත්ත්වයක් තුළ, ආනයනික අර්තාපල් සහ බී ලූණු සඳහා දේශීය ගොවියා ආරක්ෂා වන පරිදි සරිලන බද්දක් අය නොකිරීමට විරෝධය දැක්වීම මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට ප්‍රධානතම හේතුව වී තිබේ.

ඊට විරෝධය දැක්වීමක් ලෙස එළවළු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ශ්වයන් තම දෛනික කටයුතු වලින් ඉවත් වන බව තරිදු රත්නායක නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය කඩිනමින් යොමු කර විසඳුමක් ලබා නොදුනහොත්, ඉදිරි කාලයේදී මීට වඩා දැඩි තීරණ ගැනීමට ගොවීන් එක්වීමට සිදුවනු ඇති බවයි.

මෙම වර්ජනය හේතුවෙන්, රටේ එළවළු සැපයුම් දාමයට, විශේෂයෙන්ම නුවරඑළියෙන් කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට සිදුවන එළවළු බෙදාහැරීමට, දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ

Search