ආණ්ඩුව රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නෑ!! දුමින්ද

ආණ්ඩුව රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නෑ!!  දුමින්ද

ආණ්ඩුව රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නෑ!!  දුමින්ද දිසානායක කියයි 

ප්‍රතිපත්ති වෙනස් වුවත් ලබන 21 වැනිදා විපක්ෂයේ දේශපාලන පක්ෂ නුගේගොඩට රැස් වන්නේ ආණ්ඩුවේ මර්දනයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම රැළියට එක්වන දේශපාලන පක්ෂ අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබිය හැකි වුවත් ඒ සියල්ල පසෙකලා ජනතාව වෙනුවෙන් සියලු පාර්ශ්වයන් එක්වීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

විපක්‍ෂයේ දේශපාලනපක්ෂ එක්ව නුගේගොඩ පවත්වන විරෝධතා රැළිය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ දුමින්ද දිසානායක මහතා ප්‍රතිපත්ති වෙනස් වුවත්. පක්ෂ අතර මතභේද තිබුණත් ඒ සියල්ල පසෙකලා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව එක කඳවුරක සිට කටයුතු කළ යුතු බවයි.

ආණ්ඩුව රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර ඔවුන් විපක්‍ෂයේ සිටියදී බොරු කිව්වාසේ ආණ්ඩු බලය ලබා ගෙනද බොරු කරමින් ජනතාව මුළා කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බවට දිසානායක මහතා චෝදනා කළේය.

පොරොන්දු ඉටු නොකළ ආණ්ඩුව මේ වන විට මැතිවරණ වලට බිය වී පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට කටයුතු කරන බව පවසන ඒ මහතා පළාත් සභා ඡන්දය පැවැත් වුවහොත් නැවතත් මේ අය 3% ට වැටීම වැළැක්විය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

එදා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිට වැඩ කරන ජනතාව මුළා කරමින් වැඩ වර්ජන උද්ඝෝෂණ සංවිධානය කර එවකට රජය ගෙන ගිය වැඩ කටයුතු කඩාකප්පල් කළ බව පවසන දුමින්ද දිසානායක මහතා එලෙස ජනතාව අසරණ කිරීමට වත්මන් විපක්ෂය කටයුතු නොකරන බව වැඩි දුරටත් සඳහන් කළේය

Search