ඩේසි ආච්චිට ඩිමෙ­න්ෂියා’…කිසි­වක් මතක නෑ

ඩේසි ආච්චිට ඩිමෙ­න්ෂියා’…කිසි­වක් මතක නෑ

මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­ප­ක්ෂට එරෙ­හිව පවරා ඇති නඩුවේ විත්ති­කා­රි­යක වන ඩේසි ෆොරස්ට් නමැ­ත්ති­යගේ දේපළ හිමි­කා­රි­ත්වය හා රෝගී තත්ත්වය සම්බ­න්ධ­යෙන් ගංගො­ඩ­විල හා ගල්කිස්ස දිසා අධි­ක­රණ මෙයට වසර 9කට පෙර දී ඇති නියෝ­ග­යක් මේ දක්වා මොන­යම් හෝ අධි­ක­ර­ණ­ය­කට ඉදි­රි­පත් නොකළේ ඇයි­දැයි කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු උදේශ් රණ­තුංග මහතා විත්තියේ නීති­ඥ­ය­න්ගෙන් ඊයේ (12) ප්‍රශ්න කළේය.

මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා මෙසේ විමසා සිටියේ ඩේසි ෆොරස්ට් නමැ­ත්තිය ‘ඩිමෙ­න්ෂියා’ හා ‘ඇල්ෂ­යි­මර්’ රෝගී තත්ත්ව­යෙන් පෙළෙන බැවින් ඇයට එරෙ­හිව නඩු­වක් පවරා පව­ත්වා­ගෙන යෑම කළ නොහැකි බවට විත්තිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ අනිල් ද සිල්වා කරුණු දැක්වූ අව­ස්ථා­වේ­දීය.

මේ වන විට 98 හැවි­රිදි වියේ පසු­වන ඩේසි ෆොරස්ට් නමැ­ත්තිය සිය දේපළ පරි­පා­ල­නය කිරීමේ හෝ සිය පෞද්ග­ලික කට­යුතු කර­ගෙන යෑමේ හැකි­යා­වක් නැති යහ­පත් සිහි බුද්ධි­යෙන් නොමැති තැනැ­ත්ති­යක් බැවින් ඇගේ දේප­ළ­වල භාර­කා­රි­ත්වය සම්බ­න්ධ­යෙන් ගල්කිස්ස හා ගංගො­ඩ­විල දිසා අධි­ක­ර­ණ­වල නඩු දෙකක් පැවැති බවත් විත්තිය දන්වා සිටි­යේය.

ඇගේ දේපළ හිමි­කා­රි­ත්වය සම්බ­න්ධ­යෙන් 2017 වසරේ මාර්තු 15දා ගල්කිස්ස දිසා අධි­ක­ර­ණය ඉදි­රියේ පව­රන ලද සිවිල් නඩුව සම්බ­න්ධ­යෙන් දී ඇති නියෝ­ගය ගැනද විත්තිය අධි­ක­ර­ණය දැනු­ම්වත් කළේය.

ගංගො­ඩ­විල දිසා අධි­ක­ර­ණය ඉදි­රියේ පව­රන ලද සිවිල් නඩු­ව­කදී විත්ති­කා­රි­යගේ දේපළ භාර­කා­රි­ත්වය සඳුනි ආසිරි පෙති­යා­ගොඩ නමැ­ත්ති­යට පවරා ඇති බව දන්වා සිටි­යේය. එම නඩු කට­යුත්තේ දී ගංගො­ඩ­විල දිසා විනි­සු­රු­ව­රයා ඇගේ රෝගී තත්ත්වය හා දුර්වල මාන­සික තත්ත්වය ඉදි­රි­යේදී හෝ යථා තත්ත්ව­යට පත්විය නොහැකි බවට දැනුම් දී ඇති බව ප්‍රකාශ කෙරිණි.

ඩිමෙ­න්ෂියා රෝගී තත්ත්වය නිසා තමන්ට විරු­ද්ධව ඉදි­රි­පත්ව ඇති චෝදනා සම්බ­න්ධ­යෙන් විත්ති­කා­රි­යට දැනු­ම්ව­ත්භා­ව­යක් නොමැති බව ප්‍රකාශ කළ විත්තියේ නීති­ඥ­ව­රයා අප­රාධ නඩු විධි­වි­ධාන සංග්‍ර­හය අනුව ඇයට විත්ති වාච­ක­යක් ඉදි­රි­පත් කිරීමේ හැකි­යා­වක් නොමැති බව ප්‍රකාශ කළේය. විත්ති­කා­රි­යට නඩු­වට සහ­භාගි වන විට දේව­ස්ථා­න­ය­කට පැමිණ සිටින බවක් දැනෙන බව කියා සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා මෙවැනි තත්ත්ව­යක් තුළ නඩුව පූර්ව නඩු විභා­ග­යට යොමු කිරී­මට පෙර චුදි­තගේ නම අධි­චෝ­දනා පත්‍ර­යෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි­යේය.

විත්තියේ මේ කරුණු දැක්වීම කැඳ­වීම් අව­ස්ථාවේ නොකළේ ඇයි­දැයි විමසා සිටි මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා එම ලේඛන මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ අව­ස්ථාවේ හෝ ඉදි­රි­පත් කළේ දැයි විමසා සිටි­යේය. එයට විත්ති­යෙන් පිළි­තු­රක් නොලැ­බුණු විට එම ලේඛන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාරදී තිබේ­දැයි විම­සීය. එවැනි ලේඛ­න­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබාදී නැති බවට පිළි­තුරු ලැබිණ.

එවිට නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් නඩුව මෙහෙ­ය­වන නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්ව­මින් මේ ආකා­රයේ නියෝ­ග­යක් පිළි­බඳ තමා දැනු­ම්වත් නොමැති බව කියා සිටි­යේය. විත්ති­කා­රි­යගේ වයස නිසා ඇති වන රෝගී තත්ත්ව පිළි­බඳ පැමි­ණි­ල්ලට අව­බෝ­ධ­යක් ඇති නමුත් එම නිසා වෙනත් තැනැ­ත්ත­කුට වාසි­යක් හිමි­වීමේ අව­ස්ථා­වක් දිය නොහැකි බව විවෘත අධි­ක­ර­ණයේ පවසා සිටි­යේය.

දිසා අධි­ක­ර­ණය ඉදි­රියේ නඩු පැව­රීම කළේ කුමන කාර­ණ­යක් සම්බ­න්ධ­යෙන්ද එහිදී හිමි­කා­රි­ත්වය පවරා ඇති දේපළ මේ නඩු කට­යු­ත්තට සම්බන්ධ ද එමෙන්ම විත්ති­කා­රි­යගේ රෝගී තත්ත්වය පිළි­බඳ පූර්ණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්විය යුතුද යනාදී කරුණු පිළි­බඳ අධ්‍ය­ය­නය කළ­යුතු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා එය ඉදිරි දින­කදී දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.

නීති විරෝධී ක්‍රියා­කා­ර­ක­ම­කින් හෝ ක්‍රියා­කා­ර­කම් කිහි­ප­ය­කින් ලද මුදල් ඍජු­වම හෝ වක්‍ර ලෙස උප­යා­ගත් මුදල් බව දැන දැනම නැත­හොත් එසේ දැන ගැනී­මට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්ප­තු­වල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. එම­ඟින් මුදල් විශු­ද්ධි­ක­රණ වරද සිදු­කි­රීම හා එකී වරද සිදු­කි­රී­මට අනු­බ­ල­දීම සහ ක්‍රියා කිරී­මට එකඟ වීමෙන් ක්‍රම­න්ත්‍ර­ණය කළ බවද එකී කුම­න්ත්‍ර­ණයේ ප්‍රති­ඵ­ල­යක් එම වරද සිදු­කි­රීම ඇතුළු අධි­චෝ­දනා 3ක් යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නඩු පැව­රීම සිදු­කර තිබේ.

දණ්ඩ නීති සංග්‍ර­හයේ 113 අ සමඟ කිය­විය යුතු 2011 අංක 40 දරන පන­තින් සංශෝ­ධිත 2006 අංක 5 දරන මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැලැ­ක්වීමේ පනතේ 35 වැනි වග­න්තිය යටතේ නඩු පැව­රීම සිදු­කර තිබේ.

අනිල් ද සිල්වා හා සම්පත් මෙන්ඩිස් යන ජනා­ධි­පති නීතිඥ මහ­ත්වරු විත්තිය වෙනු­වෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­වීය. නඩුව ලබන 26දා යළි කැඳවේ.

Search