වත්මන් රජය ක්ලීන් ශ්‍රී ලංකා කියා ⁣හිත මිතුරන්ට භාණ්ඩාගාරය හිස් කරන්න අවස්ථාව දීලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය ක්ලීන් ශ්‍රී ලංකා කියා ⁣හිත මිතුරන්ට භාණ්ඩාගාරය හිස් කරන්න අවස්ථාව දීලා  - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ වන විට ජනතාව විකල්පයක් අපේක්ෂා කළත් එම විකල්පය නැතිව ජනතා ⁣අපේක්ෂා සුනුවිසුනු වී ඇති බවත් ක්ලින් ශ්‍රී ලංකා කියා වැඩපිළිවෙළට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කර ඇති මොහොතක දුප්පත්කම වැඩි වී ඇති බවත් මේ වන විට රජයට දුප්පත්කම ගැන හරිහමන් අදහසක්වත් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන සංසදය සමග පැවැති හමුවකදීය.*

ක්ලීන් ශ්‍රී ලංකා කියා තමන්ගෙ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්න අවස්ථාව දීම බවත් මේ වන විට රටේ මන්ද පෝෂණය වැඩි වී නිරක්තිය රක්ත හීනතාව පවා වැඩි වී ඇති බවත් මෙයට හේතුව දුප්පත්කම බවත් මේ අයට ඇති එකම විසදුම ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදයක් ඇති කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිවිල් ආරක්ෂක කමිටුවට මරනාධාර සමිතියට තරුණ සමිතිවලට පව මේ අය බලපෑම් කරන බවත් මේ සියලු දේ කරන්නේ පැලවත්තෙන් කියා හිරිකිතයක් නැතිව පිළිගත් බවත් ජනතාවට නම් පොරොන්දු වූයේ මේවා නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය දැන් IMF එක සතුටු කරන්න කටයුතු කරන බවත් IMF කොන්දේසි අබිභවා රාජ්‍ය ආදායම පවා උත්පාදනය කළත් ජනතාවට සහන නැති බවත් බදු වැඩි කර වියදම් අඩු කිරීම නිසා මේවා වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සංවර්ධන අරමුදල් කපා, බදු වැඩි කර මුදල් එකතු කර භාණ්ඩාගාරය පුරවා වැඩක් නැති බවත් බදු වරුසාවක් ඇති කර වියදම් කපා බිලියන ගණන් ඉතිරි කිරීම වීර ක්‍රියාවක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

NEWS CLIP 🧧 https://youtu.be/4HGPQtIdBvM?si=_2JfBSz5SJX3KBhk

Search