තාජුඩීන් ඇතුළු ඝාතන පරීක්‍ෂණ නිවැරැදිව ඉදිරියට සිදුවේවි – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

තාජුඩීන් ඇතුළු ඝාතන පරීක්‍ෂණ නිවැරැදිව ඉදිරියට සිදුවේවි – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

ත්‍රිකුණාමලයේ සිද්ධියක් හෝ වෙනයම් ප්‍රයත්නයක් දඩමීමා කරගෙන ජාතිවාදයකට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ ඝතාන ගැන විමර්ශන කරනවා. ඒක ඝාතනයක් බවට අධිකරණ වාර්තාවලින් තහවුරු වුණා. ඒකට වගකිවයුත්තන්ට විරුද්ධව පියවර ගන්නවා. අධිකරණමය වශයෙන් ඒවාට සාධක සහිතව කරුණු ඉදිරිපත් වේවි.

ලංකාවේ දැන් සිදුවන ඝාතනවල විත්තිකරුවෝ දින 3ක් යන්නට පෙර අපි ඇල්ලුවා. ඒ අන්දමට අපරාධ පරීක්‍ෂණ දැඩිව සිදුවනවා. අපරාධවලට එරෙහිව යුක්තිය ඉටුකිරීමට පැකිලෙන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාව හෙට පළවේ

Search