එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගත් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
කොළඹදී අද පැවති සමග ජන බලවේගයේ නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නියෝජිතයන්ට මේ බව දැනුම් දුන් බව ඔහු සඳහන් කළා.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන සියලු කටයුතු සිදුවනු ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළා.
පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසුවා