ආණ්ඩුවේ ජනප්‍රසාදය දිනෙන් දින අඩුවෙමින් පවතින බවත් විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ද ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා වී තිබෙන බැවින් කෙඳිරි ගාන්නේ නැතිව පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. එම ප්‍රධාන කාර්යාලයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද කීය.
රටේ ජනතාවට විශාල පොරොන්දු රැසක් ලබාදී බලයට පත් වුණ ජාතික ජනබලවේග ආණ්ඩුව ඒ සියලුම පොරොන්දු කඩ කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව ඉදිරිපත් කළ දෙවැනි අයවැය ඉදිරිපත් කිරීමෙන්ද ජනතාවගේ පොරොන්දු කඩ කර තිබෙනවා. වසරක් වැනි කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදය පත්වුණ ආණ්ඩුව බවට ජාතික ජනබලවේග ආණ්ඩුව පත්ව තිබෙනවා.
ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම මේ වනවිට දෙදාරා ගොස් තිබෙනවා. ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී, පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට
ලබාගැනීමට හැකිවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ඡන්දයි. ඒ අනුව පොදුජන පෙරමුණේ ලක්ෂ 69 ඡන්ද ලක්ෂ 3 ක් දක්වා අඩු වුණා. ලක්ෂ 3 ක් ව පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම ලක්ෂ 68 ක් දක්වා වැඩි වුණා. නමුත් සමගි ජනබලවේගයේ ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයටම රඳා පවත්වා ගන්න හැකි වුණා. ඒ වගේ ජාතික ජනබලවේගයේ ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී වැඩි වුණා. නමුත් ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුවේ ලක්ෂ 68 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45 ක් දක්වා අඩු වුණා. ඒ නිසා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටින්න කටයුතු කරමින් සිටිනවා. කෙඳිරි ගාන්නේ නැතිව පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ ජනප්‍රසාදය දිනෙන් දින අඩුවෙමින් පවතිනවා. විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ද ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා වී තිබෙනවා. කෙසේ නමුත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජනබලවේගය ශක්මත්ව ඉදිරියට ගෙන යන්න කටයුතු කරනු ලබනවා. ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහය කරන්නත් සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා