නුගේගොඩ 21දා පැවැති රැළියට සමගි ජනබලවේගය සහභාගි වූවා නම් දේශපාලනයේ ප්‍රතිපත්තියක් නොමැති පිරිසක් ලෙස ජනතාව සමගි ජනබලවේගයටත් ලේබලයක් අලවන්න ඉඩ තිබුණා යැයි සමගි ජනබලවේගයේ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
නුගේගොඩදී පසුගිය 21දා පැවැති රැළියේ යම්කිසි කුමන්ත්‍රණකාරි තත්ත්වයක් තිබෙන බව දැනුන නිසා සමගි ජනබලවේගය රැලියට සහභාගි නොවන ලෙස කලින්ම තීරණය කරනු ලැබුවා. ඒ වගේම මේ හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීටර් 100 දුවනවා වගේ දේශපාලනය කරන පුද්ගලයෙක් නොවන බව නැවත තහවුරු වී තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා දුරදක්නා නුවණකින් යුක්තව දේශපාලනයේ නිරතවන බවත් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම බලයගැනීමට වඩා බලය ගත්පසු රට ඉදිරියට ගෙනයෑමටයි සමගි ජනබලවේගයේ පිරිස සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සෑම අවස්ථාවදීම උත්සහ දරන්නේ. නමුත් අවසනාවකට මාධ්‍ය මගින් මෙම පණිවිඩය හරියාකාරව සමාජ ගත කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව රටේ බලය ලබාගැනීමට විවිධ උපක්‍රම යෙදුවත් බලය ලබාගෙන රට නිවැරදි මාවතක ගෙන යෑමට දැනුමක් වැඩපිළිවෙළක් නැහැ. රටේ තිබෙන බරපතලළ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබානොදී රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ඉලක්ක කර විවිධ චෝදනා එල්ල කිරීම ආණ්ඩුවේ සහ විපක්ෂයේ සුලු සුලු කණ්ඩායම්වල ප්‍රමුඛ රාජකාරිය වී තිබෙනවා. ඒ වගේම 21 වැනිදා රැළියට සමගි ජනබලවේගය සහභාගි වූවා නම් දේශපාලනයේ ප්‍රතිපත්තියක් නොමැති පිරිසක් ලෙස ජනතාව සමගි ජනබලවේගයටත් ලේබලයක් අලවන්න ඉඩ තිබුණා. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ දුර දක්නා නුවණ හේතුවෙන් එසේ සිදුවුණේ නැහැ.
රටේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් සිදුකරන රටේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ සමගි ජනබලවේගයයි. ප්‍රතිපත්තිගරුක පුද්ගලයින් සමඟ පමණයි සමගි ජනබලවේගය කටයුතු කරන්නේ. එසේ නොමැතිව දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් දේශපාලනය කරන්නත් රටට අත්වෙලා තිබෙන ඉරණම තවත් වැඩි කරන්න සමගි ජනබලවේගය කටයුතු සිදුකරන්නේ නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා දුරදක්නා නුවණින් ගන්නා දේශපාලන තීන්දු තීරණ වලට සමගි ජනබලවේගයේ සමාජිකයන් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම වර්තමාන ආණ්ඩුව කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව වැඩකටයුතු සිදුකරනවා. ඒ වගේම මීට පෙර සිටි පාලකයන්ද ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් නොකළ නිසා රට බරපතළ අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා පාසල් ළමුන්ට සුහුරු පන්ති කාමර ලබාදීමේදී, පාසල්වලට බස් රථ ලබාදීමේදී, රෝහල්වලට අවශ්‍ය උපකරණ ලබාදීමේදී රටේ සුලු පිරිසක් එම කටයුතුවලට හිනා වුණා. නමුත් විපක්ෂයේ සිටින විට සජිත් ප්‍රේමදාස මහතා එවැනි සුවිශේෂි කටයුතු රැසක් සිදුකළා නම් රටේ බලය ලැබුණ පසු සිදුකරන වැඩ ප්‍රමාණය සිතා ගැනීමට නොහැකියි. ඒ වගේම දින 52 ආණ්ඩුවේදී සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය භාරගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීම් කර තිබුණා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා එවකට ඔහුගේ නායක රනිල් වික්‍රමසිංහට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒ වගේම රටේ ප්‍රශ්න වෙනුවෙන් සත්‍ය ලෙසම පෙනී සිටින්නේ කවුරුන්දැයි සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවේ අන්තර්ගතය දෙස බැලුවොත් තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දි ඔහුට ආණ්ඩු පක්ෂය බාධා කරන්නේ ඔහුගේ කතාවේ අන්තර්ගතයක් තිබෙන නිසයි. කෙසේ නමුත් 21 වැනිදා පැවැති රැළියට සමගි ජනබලවේගය සහභාගි නොවුනේ ප්‍රතිපත්තිමය කාරණයක් හේතුවෙනුයි. ඒ වගේම කුමාරවරු කවුරුන්දැයි බැලීමට පෙර ප්‍රතිපත්තිය දෙස බලන්නැයි සමගි ජනබලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සමගි ජනබලවේගය කුමාරවරු නිර්මාණය කරන්න දේශපාලන කඳවුරුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. කුමන්ත්‍රණකාරී දේශපාලන න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන පිරිස් සමඟ සමගි ජනබලවේගය ගනුදෙනු කරන්නෙත් නැහැ. 21 වැනිදා පැවැති රැළිය පැමිණෙනවා යැයි කියපු පිරිස් පැමිණියේ නැහැ. ඒ වගේම 21 වැනිදා පැවැති රැළියට පැමිණි පිරිස් කතා කළේ අදාළ නැති දේවල්. ඒ වගේම සමගි ජනබලවේගය ජනතාව වෙනුවෙන් පාරට බහින්න ඉදිරියේදී සූදානම්. ඒ වැඩසටහන සමගි ජනබලවේගය සකස් කරන්නෙ ප්‍රතිපත්තියක් ඇතිවයි. ඒ වගේම දේශපාලනය තුළ වෛරය පතුරුවන්න, මහජනතාව මුලාවට පත් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ. එලෙස බලය ලබාගත් පිරිසට අත්වුණ ඉරණම පිළිබඳවත් සමගි ජනබලවේගය හොඳින්ම දන්නවා