විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවයි

විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවයි


අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවට පත් ප්‍රදේශවල තොරතුරු ඒකරාශි කිරීම සඳහා කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් ඊයේ (10) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරනු ලැබීය.

ආපදාවට ලක් වූ ප්‍රදේශවල තොරතුරු ග්‍රම නිලධාරී මට්ටමෙන් ඒකරාශී කිරීම මෙහි මූලික අරමුණ වන අතර, විපතට පත් වූ පිරිස් වලට සෘජුවම සිය ගැටලු‍ සහ අවශ්‍යතා මෙම තොරතුරු මධ්‍යස්ථානය වෙත දුරකතන මාර්ගය ඔස්සේ සහ වට්ස්ඇප් ඔස්සේ ලබාදීමට පහසුකම් සලසා ඇත.

ඒ සඳහා 0759 570 570, 0761 660 570, 0705 699 110 යන දුරකථන අංක හඳුන්වාදී තිබේ. මෙම තොරතුරු කේන්ද්‍රය වෙත ලැබෙන තොරතුරු අදාල අංශවලට යොමු කිරීමට කේන්ද්‍රය විසින් කටයුතු කරනු ලැබේ.

තොරතුරු කේන්ද්‍රය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව විපක්ෂ නායක කාර්යාලය, මධ්‍ය අංශය විසින් කියා සිටී

Search