සමලිංගික මොඩියුල කමිටු වාර්තාවෙන් අගමැතිනි වරදකරු වී ඇතැයි සැකයක්..

සමලිංගික මොඩියුල කමිටු වාර්තාවෙන් අගමැතිනි වරදකරු වී ඇතැයි සැකයක්..


අධ්‍යාපන ප‍්‍රතිස්සංකරණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්වය මත අග්‍රාමාත්‍යවරිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 
අධ්‍යාපන විෂය මාලාවට අලුතින් එක් කළ කරුණු සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල සැකයක් මතුව ඇති බවත්, අග්‍රාමාත්‍යවරිය දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය නොවන සංවිධාන හරහා සමරිසි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කළ අයෙකු බැවින් එම සැකය ඇය වෙත එල්ල වීම සාධාරණ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සාධාරණ පරීක්ෂණයක් සඳහා ඉල්ලා අස්වීම අත්‍යවශ්‍යයි විෂයභාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ධුරයේ රැඳී සිටින තාක් කල්, මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසිදු පරීක්ෂණයක් සාධාරණ වනු ඇතැයි සමාජය විශ්වාස නොකරන බව ගම්මන්පිල මහතා පවසයි. 

"වෙනත් රටවල නම් මෙවැනි තත්ත්වයකදී විෂයභාර ඇමතිවරයා ඉල්ලා අස්වෙනවා. දරුවන්ගේ සිත් තලා දැමීමේ මෙම ක්‍රියාවලිය නැවැත්වීමට මහා සංඝරත්නය මැදිහත් වුණා" යැයි පැවසූ ඒ මහතා, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට සහ සාධාරණ පරීක්ෂණයක් සඳහා ඇය ඉල්ලා අස්විය යුතුම බව අවධාරණය කළේය.

පරීක්ෂණ වාර්තා සඟවන බවට චෝදනා මේ වන විට මූලික පරීක්ෂණ වාර්තාව ලැබී තිබුණද, රජය එය "අභ්‍යන්තර වාර්තාවක්" ලෙස හඳුන්වමින් සඟවාගෙන සිටින බවට හිටපු අමාත්‍යවරයා චෝදනා කරයි. 

සැබෑ චුදිතයා කවුදැයි හෙළි කර අගමැතිනිය නිවැරදි නම් ඇයව බේරා ගැනීමට කටයුතු කිරීම වෙනුවට, වාර්තාව සැඟවීම තුළින් ඇය වැරදිකරු වී ඇති බවට සාධාරණ සැකයක් ඕනෑම අයෙකුට මතු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Search