එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියේදී සන්ධානයක් ගොඩනැඟෙනු ඇතැයි සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.
පක්ෂ දෙක මේ වනවිට පවත්වමින් යන ද්විපාර්ශ්වික සාකච්ඡා ඉතා සාර්ථක බවත් ඒ අනුව ඉදිරියේදී පක්ෂ දෙක අවබෝධයෙන් කටයුතු කිරීම සිදුවෙනු ඇති බවත් හෙතෙම කීය.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සජබය සමග එක්ව කටයුතු කිරීමට ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ද මේ වනවිට සජබ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය