අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ සිටම 6 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.
ඇය පෙන්වා දෙන්නේ 2030 වසර දක්වා වූ දීර්ඝකාලීන සැකසුමකට අනුව, වසරින් වසර මෙම පද්ධතිමය වෙනස්කම් ඉදිරියට ගෙන යන බවයි.
අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද (29) පැවැත්වුණු "අනාගතයට පළමු පියවර" ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී ඇය වැඩිදුරටත් අවධාරණය කළ කරුණු කිහිපයක් පහත දැක්වේ:
'සිහින පාසලක්' පිළිබඳ සංකල්පය සැබෑවක් බවට පත් කිරීම රජයේ ප්රමුඛ වගකීමක් සේ සලකා ඒ වෙනුවෙන් කැපවන බවත් දරුවකුගේ ඉගෙනීමේ අයිතිය දෙමාපියන්ගේ ධනය හෝ වත්කම් මත තීරණය නොවිය යුතු අතර, සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ පරම අයිතිය හිමිවිය යුතු බවත් පැවසූ ඇය නව ප්‍රතිසංස්කරණ හරහා කිසිදු දරුවකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර වීමට ඉඩ නොතබන බව සහතික කලාය.
නව අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් දිවිය ආරම්භ කරන සියලු දරුවන්ට සිය සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරිය, රටේ සෑම දරුවකුම සුරක්ෂිත කරමින් ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමට රජය සැදී පැහැදී සිටින බවද මෙහිදී පැවසුවාය.