සමාජ මාධ්‍ය තුළ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට හර්ෂණ රාජකරුණාගෙන් පනත් සංශෝධනයක්

සමාජ මාධ්‍ය තුළ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට හර්ෂණ රාජකරුණාගෙන් පනත් සංශෝධනයක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act) සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ඊයේ (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධිර වෙත භාර දෙන ලදී.

2024 අංක 9 දරන පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ මෙම කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා තුළ ළමුන්ගේ ආරක්ෂාව වඩාත් විධිමත් ලෙස තහවුරු කිරීමයි.

විශේෂයෙන්ම ළමුන් සමාජ මාධ්‍ය වෙත පිවිසීම පාලනය කිරීම, ඔවුන් ඉලක්ක කරගනිමින් සිදුකරන දැන්වීම්කරණය සහ අලෙවිකරණ ක්‍රියාවලීන් නියාමනය කිරීම වැනි වැදගත් අංශ කිහිපයක් පිළිබඳ සංශෝධන මෙහි අන්තර්ගත වේ. වර්තමාන ඩිජිටල් අවකාශය තුළ දරුවන් මුහුණ දෙන අවදානම් අවම කරමින් වඩාත් සුරක්ෂිත අන්තර්ජාල පරිසරයක් ගොඩනැගීම සඳහා මෙම සංශෝධන ඉතා වැදගත් වනු ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

Search