කඩේ වහලා අත හෝදාගමු ද ? අශෝක හඳගමගෙන් යෝකර් එකක්

කඩේ වහලා අත හෝදාගමු ද ? අශෝක හඳගමගෙන් යෝකර් එකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු තවදුරටත් ශරීර සුවතාවය සඳහා වන ක්‍රීඩාවක් පමණක් නොව, එය ජාතික කොඩියට මුවා වී කෙරෙන දැවැන්ත "ව්‍යාපාරයක්" බව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක අශෝක හඳගම මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සහ ක්‍රීඩකයින් වෘත්තීය මට්ටමෙන් කටයුතු කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඉදිරියේදී ලංකාවට ක්‍රිකට් පිටියේ ඉතිරි වනුයේ "කඩේ වසා අත සෝදා ගැනීමට" පමණක් බවත් ඔහු අවධාරණය කරයි.

හඳගම සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සඳහන් කර ඇත,

 

Cricket කියන්නේ තවදුරටත් ශරීර සුවතාවය සඳහා තියෙන ක්‍රීඩාවක් විතරක් නෙවෙයි.

SLC කියන්නේ ලංකාවේ සමාගමක් වුණාට ඒක ව්‍යාපාරික ආයතනයක්. ජාතික කොඩිය ඉස්සරහට දාගෙන දේශප්‍රේමයෙන් ක්‍රිකට් බලන්න ගියාට, ඒ ගොල්ලොන්ට ඒක බිස්නස් එකක්. ක්‍රීඩකයෝ, කෝච්ලා වෘත්තිකයින්. ICC එක විවිධ සංදර්ශන organise කරනවා. Test, ODI, T20 එක එක සංදර්ශන ආකෘති. මේ ආකෘතිවල ආකර්ෂණීය විදිහට හොඳින් ක්‍රීඩා කළොත්, ඒ කණ්ඩායම් වලට හොඳ demand එකක් ලැබෙනවා. වැඩිපුර තරග අවස්ථා ලැබෙනවා. වැඩිපුර ආදායම් ලැබෙනවා. සවුත්තු විදිහට සෙල්ලම් කරොත්, demand එක නැති වෙනවා. ආදායම අඩු වෙනවා.

දිනුවත් පැරදුනත්, ICC එක අපිට සල්ලි ගෙවනවා කිව්වට, එක දිගට එහෙම කරගෙන යන්න හම්බවෙන්නෙ නෑ. එහෙම වෙන්නේ SLC ක ICC ට හම්බ කරලා දුන්නොත් විතරයි. ඒකට අවස්ථා අපි හදල දෙන්න ඕන. ඒ සඳහා අපේ ටීම් එක හොඳට perform කරන්න ඕන.

දැන් Test තරග සඳහා අපේ ටීම් එකට අවස්ථාවක් හම්බවෙන්නේ නැති තරම්. ඒ අපි හොඳින් සෙල්ලම් කරන්නේ නැති නිසා. අපේ Test තරග සංවිධානය කරන එක ICC ට පාඩු නිසා. තව ටික දවසක් යනකොට ODI, T20 වලටත් ඒ සන්තෑසියම තමයි. එහෙම නොවෙන්න නම් පිටරටින් හරි හොඳ coach ලා වැඩිපුර මුදල් ගෙවලා ගෙන්වන්න වෙයි. හොඳ ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුල් කරන්න වෙයි. 96 ක්‍රිකට් ගහපු විදිහට නෙවේ දැන් ගහන්නේ. අලුත් techniques හොයාගන්න වෙයි. ඒ දක්ෂකම් තියෙන්නේ සමහර විට ඈත පිටිසර ගම්පළාත්වල ළමයින්ගේ වෙන්න පුළුවන්. ඒවා හොයාගෙන ඔප මට්ටම් කරලා ගන්න වෙයි. එහෙම වුනොත් SLC වලට හොඳ team එකක් හදා ගන්න පුලුවන්. තරග දිනන්නත් පුළුවන්. වැඩිපුර තරග අවස්ථා ලැබෙන්න පුළුවන්. එතකොට හොඳ ආදායමක් ගන්නත් පුළුවන්.
නැත්නම් කඩේ වහලා අත හෝදාගමු.

Search