කුරුඳු අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 260ක ආදායමක්

කුරුඳු අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 260ක ආදායමක්

කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260 (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පැවසුවේ, මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 300 ඉලක්කයකට ළඟාවීමට තම ආයතනය බලාපොරෝතුවන බවය.

කුරුඳු නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ කුරුඳු කූරු වන අතර, ඉන් .ඩො. මිලියන  251 ආදායමක් උපයාගෙන තිබේ.

සෙසු ආදායම් ලැබී ඇත්තේ කුරුඳු පොතු, කොළ හා තෙල්වලින්ය.

මෙය මෙරට ඉතිහාසයේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉහළම ආදායමක් ලැබූ වර්ෂය ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකාව පෙර වර්ෂයන්හිදී රටවල් 70කට පමණ කුරුඳු නිෂ්පාදන අපනයනය කළද, 2025 වසරේ දී  රටවල් 100කට වැඩි සංඛ්‍යාවකට අපනයය කළ බව ජනක ලින්දර මහතා පවසයි.

Search